නීති කඩා වැලි ඇද්ද දෙදෙනෙක් දැලේ

January 13, 2021

බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය වැලි ජාවාරමක් වටලා ස්කැවේටර් යන්ත්‍ර දෙකක් හා සැකකරුවන් දෙදෙනකු සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් ඒ අවට විශාල පරිසර හානියක් සිදුකරමින් මෙම වැලි කැපීමේ ජාවාරම කරගෙන ගොස් තිබේ.

වැටලීමේදී වැලි කැපීම සඳහා යොදාගෙන තිබු ස්කැවේටර් යන්ත්‍ර දෙකක් සහ වැටිය හන්දිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි හා 38 හැවිරිදි ඇඹිලිපිටිය කොළඹගේආර පදිංචි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.ස්කැවේටර් යන්ත්‍ර දෙක සමඟ සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන හා අධිකරණ කටයුතු සඳහා සූරියවැව පොලීසියට බාර දි තිබේ.

t

o

p