ඉන්දීය කොවිඩ් එන්නත ලංකාවට

January 13, 2021

ජනවාරි 26 වැනි දිනෙන් පසු ඕනෑම මොහොතක ඉන්දියාවේ නිෂ්පාදනය කරන ‘ඇස්කා සෙනිකා’ කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව කොවිඩ් එන්නත් ගෙනඒම සඳහා පත් කළ කමිටුවේ සභාපති ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පවසයි.

මෙම එන්නත ඉන්දීය වැසියන්ට 16 වැනිදා සිට එන්නත් කිරීමට නියමිතය.

ඉන්පසු ඉන්දීය ජනරජ දිනය යෙදී ඇති ජනවාරි 26 වැනිදා සිට වෙනත් රටවලට අපනයනය කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

එන්නත ශ්‍රී ලංකාවට ලැබීමෙන් පසු එන්නත්කරණය සඳහා වූ සැලසුම මේ වනවිට සකස් කරමින් පවතියි.

t

o

p