කොස්ගොඩ කැලෑවක තිබි හෙරොයින් කිලෝ 20 ක් සොයා ගනියි

January 13, 2021

කොස්ගොඩ ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සගවා තිබු හෙරොයින් කිලෝ 20 ක ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් ඊයේ (13) සවස සොයා ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත මෙම වැටලීම කර ඇති අතර ජාවාරම්කරුවෙකු විසින් මෙම මත් ද්‍රව්‍ය තොගය මෙහි සගවන්නට ඇතැයි පොලිසිය සැක පහළකරයි. එම ජාවාරම්කරු පිළිබදව මේ වන විට පොලිසිය විශේෂ රහසිගත මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

එසේම හෙරොයින් තොගය මෙම ස්ථානයට රැගෙන ඒම හා එහි තබා යාම මෙන්ම හෙරොයින් තොගය එම ස්ථානයේ තැබු පුද්ගලයන් සම්බන්ධයෙන්ද මේ වන විට පරික්ෂණ ආරම්භ වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇති අතර මෙම කිලෝ 20 ක මත්ද්‍රව්‍ය තොගය දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරමේම කොටසක් විය හැකි බවත් බෙදා හැරිම සදහා ගෙනවිත් මෙහි සගවන්නට ඇති බවත් පොලිසිය මැක පහළ කරයි.

t

o

p