මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයන් දෙදෙනෙක් රුපියල් කෝටියක මුදල් හා ස්වර්ණාභරණ සමග අල්ලයි

January 13, 2021

ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙකු හා තවත් පුද්ගලයෙකු රුපියල් එක් කෝටි විසි හය ලක්ෂ හතලිස් තුන්දහසක මුදලක් හා පවුම් 40 ක ස්වර්ණාභරණ සමග කොළඹ ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඊයේ (12) සවස අත් අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත සැකකරුවන්ගේ නිවෙස් වෙත ගොස් පරික්ෂා කිරිමේදි එක් සැකකරුවෙකුගේ නිවසේ බෑගයක තිබි මෙම මුදල් තොගය හා ස්වර්ණභරණ සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සිද්ධික් නැමැත්තාගේ ගෝලයෙකු බවට හදුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මෙවුන් මේවා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් බවට පොලිසිය සැක පහළ කරයි. මුදල් විශුද්ධි කරණ හා මත්ද්‍රව්‍ය පනත යටතේ මොවුන් අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

t

o

p