Lanka News Page

ලොව සමාගම් 100ක් ඇපල් සමාගම අත්පත් කරගනී

ඇපල් සමාගම සමාගම් 100ක් පමණ අත්පත් කර ගෙන ඇති බව සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක් අනාවරණය කර තිබේ. සෑම සති තුන හතරකට වරක් සමාගමක් අත්පත් කර ගැනීම සිදු වන බව ඔහු අඟහරුවාදා ඇපල් සමාගමේ කොටස් හිමියන්ගේ වාර්ෂික රැස්වීමේ දී පැවසීය. 2021 මුදල් වර්ෂයේ පළමු කාර්තුවේදී ඇපල් සමාගම ඩොලර් බිලියන 111.4 ක් උපයා ගනිමින් මෙතෙක් කාර්තුවක Read More

මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලියක්

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 25 වැනි වරට සංවිධාන කරන මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය (එළියකන්ද තරණය) අද (27) සහ හෙට (28) දෙදින මාතර බ්‍රවුන්ස් කන්ද කෙන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. කොරෝනා වසංගතයෙන් වසරකට අධික කාලයක් නැවතුණු මෝටර් රථ හා යතුරු පැදි තරගාවලි අතරින් මේ වසරේ පැවැත්වෙන පළමු තරගාවලිය මෙයයි. මීටර් 600 ක දුරකින් යුත් Read More

ශ්‍රී ලංකාවට අන්තර් ජාතික සහය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව පළ කළ ස්ථාවරයට පුළුල් අන්තර් ජාතික සහයක් ලැබී තිබේ. ඊයේ පැවති විවාදයේ දී ශ්‍රී ලංකාවට පක්‍ෂව අදහස් දැක්වූ රටවල් සංඛ්‍යාව 21ක්. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකසූ වාර්තාව ඉකුත් බදාදා රාත්‍රී මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ, සභාගත කෙරිණ. බහුතරයක් ශ්‍රී ලංකාවේ Read More

අනුර සේනානායක සමුගනී

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු හොබවමින් ජ්‍යෙෂ්ඨත්වයට පත් වූ අනුර සේනානායක මහතා, විශ්‍රාම වයස් සීමාවට එළඹෙන විට සේවය කළේ, කොළඹ දිසා බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි. දිගු කලක් අසනීප තත්ත්වයෙන් පසුවූ සේනානායක මහතා කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස අභාවප්‍රාප්ත වී තිඛේ.

හිටපු ජනපති හා හිටපු අගමැති හදිසියේ හමුවෙයි. කතාව පාස්කු වාර්තාව ගැන?

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාල ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත් වූ ඊයේ (23) දිනයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර හමුවක් කොළඹ දී සිදුව ඇත. හිටපු ජනාධිපති සහ අගමැති මෙසේ හමුවූයේ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී ය.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ආරාධනයකට Read More

වාස් ඉවත්වුණේ මුදල් ගැන ඇති වූ මතගැටුමක් හේතුවෙන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත්කර සිටි චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය. එහිදී ඔහු සඳහන් කළේ ජාතික කණ්ඩායම විදේශගතවීමට පැය 4කට පෙර ඉල්ලා අස්වීම පිළිබඳව තමා පෞද්ගලිකව කණගාටුවන බවය. “චමින්ද වාස් ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක ගිවිසුම්ගතවෙලා තියෙනවා යම්කිසි පඩියකට. ඒ අනුව සංචාරයක් යනකොට Read More

ඉන්දියාවේ ආසාදිතයින් අසාමාන්‍ය ලෙස ඉහළට

ප්‍රාන්ත 5ක අසාමාන්‍ය ලෙස කොවිඩ් ආසාදිතයින් ඉහළයාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඉන්දීය රජය තීරණයකර තිබේ. ලොව දෙවැනියට වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තාවී ඇති ඉන්දියාවේ ආසාදිතයින්ගේ කැපී පෙනන පහළයාමක් පසුගිය කාලසීමාවේදී වාර්තාවී තිබුණි. නමුත් මහාරාශ්ඨ ප්‍රාන්තය ඇතුළු ජනාකීර්ණ ප්‍රාන්ත 5ක ආසාදිතයින්ගේ ඉහළයාමක් මේ වනවිට වාර්තාවෙමින් පවතී. අසාමාන්‍ය ලෙස ආසාදිතයින් වැඩිවීමට, ඉන්දියාවෙන් හමුවී ඇති කොවිඩ් ප්‍රභේද හේතුවී ඇතැයි Read More

අලි පන්නන්න ආණ්ඩුවට බැරි නම් අපට ගිනිඅවි දෙන්න

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිම එළවළු තොග සපයනා අක්කර 500ක වගා වපසරියකට හිමිකම් කියනා නාඋල – අඹන මහ වෙල්යායට වසර පහක පමණ කාලයක සිට පවතින වන අලි තර්ජන හේතුවෙන් තමන්ට ගිනිඅවි හෝ දෙන්නැයි ගොවීහු ඉල්ලා සිටිති. ගොවි පවුල් 800ක් පමණ වර්ෂයකට තුන් වතාවක් වගා කටයුතු සිදු කරනු ලබනා අඹන මහවෙල් යායේ මෙවර එළවළු සහ වී වගා Read More

ජනපති හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලීය සභා ශාලාවේ දී පැවැත්විණි. සම්මේලනයට අයත් ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය, ප්‍රගතිශීලි රාජ්‍ය සේවක සම්මේලනය, වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය, පළාත් පාලන ප්‍රගතිශීලි සේවක සංගමය, ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සමිතිය, ශ්‍රී ලංකා පොදුජන Read More

නීතීඥ සංගමයේ නිලවරණය අද

2021 – 2022 වර්ෂය වෙනුවෙන් ශ‍්‍රී ලංකා නීතීඥ  සංගමයේ  සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන නිලවරණය අද පැවැත්වෙනවා. නීතීඥ සංගමයේ සභාපති ධූරයට මෙවර තරග වදින්නේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා. දිවයින පුරා පිහිටි නීතිඥ සංගම් මධ්‍යස්ථාන 85 කදී නිලවරණය පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ. එහි ඡන්ද විමසීමේ කටයුතු අද පෙරවරු 8 Read More

t

o

p