මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලියක්

February 27, 2021

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 25 වැනි වරට සංවිධාන කරන මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය (එළියකන්ද තරණය) අද (27) සහ හෙට (28) දෙදින මාතර බ්‍රවුන්ස් කන්ද කෙන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

කොරෝනා වසංගතයෙන් වසරකට අධික කාලයක් නැවතුණු මෝටර් රථ හා යතුරු පැදි තරගාවලි අතරින් මේ වසරේ පැවැත්වෙන පළමු තරගාවලිය මෙයයි.

මීටර් 600 ක දුරකින් යුත් තාර ඇතිරූ, බැවුම් සහිත මාර්ගයක මේ තරග පැවැත්වෙන අතර, මෝටර් රථ ඉසව් 17කින් යතුරුපැදි අංශ දෙකින්ම ඉසව් 16කින් මෙවර තරගාවලිය සමන්විත වේ.

t

o

p