ශ්‍රී ලංකාවට අන්තර් ජාතික සහය

February 27, 2021

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව පළ කළ ස්ථාවරයට පුළුල් අන්තර් ජාතික සහයක් ලැබී තිබේ.

ඊයේ පැවති විවාදයේ දී ශ්‍රී ලංකාවට පක්‍ෂව අදහස් දැක්වූ රටවල් සංඛ්‍යාව 21ක්. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකසූ වාර්තාව ඉකුත් බදාදා රාත්‍රී මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ, සභාගත කෙරිණ. බහුතරයක් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරික දේශපාලන කරුණු මත පදනම්වූ චෝදනා රැසකින් එම වාර්තාව සමන්විත විය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පිළිතුරු දැක්වූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අන්තර් ජාතික ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනි ලෙස ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අතපොවමින් සිදු කෙරෙන මේ අන්තර් ජාතික මැදිහත්වීමට විරුද්ධත්වය පළ කරන ලෙසයි.

එක රටකට එරෙහිව අද ක්‍රියාත්මක වන මේ පිළිවෙත තවත් ඕනෑම රටකට එරෙහිව අනාගතයේ ක්‍රියාත්මක විය හැකි බව රජය පෙන්වා දුන්නේය. 

t

o

p