හිටපු ජනපති හා හිටපු අගමැති හදිසියේ හමුවෙයි. කතාව පාස්කු වාර්තාව ගැන?

February 24, 2021

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාල ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත් වූ ඊයේ (23) දිනයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර හමුවක් කොළඹ දී සිදුව ඇත.

හිටපු ජනාධිපති සහ අගමැති මෙසේ හමුවූයේ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී ය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ආරාධනයකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ද අරලියගහ මැඳුරේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වී සිටියහ.

හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා සමඟ අමාත්‍ය චමල් රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු ද එකම මෙිසයක අසුන්ගෙන සිටියහ.

එදින නිකුත් වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් යාබද අසුන් දෙකේ සිටි මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අදහස් හුවමාරු කරගත් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

t

o

p