වාස් ඉවත්වුණේ මුදල් ගැන ඇති වූ මතගැටුමක් හේතුවෙන්

February 24, 2021

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත්කර සිටි චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.

එහිදී ඔහු සඳහන් කළේ ජාතික කණ්ඩායම විදේශගතවීමට පැය 4කට පෙර ඉල්ලා අස්වීම පිළිබඳව තමා පෞද්ගලිකව කණගාටුවන බවය.

“චමින්ද වාස් ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක ගිවිසුම්ගතවෙලා තියෙනවා යම්කිසි පඩියකට. ඒ අනුව සංචාරයක් යනකොට එකට අදාළවත් මුදල් ගෙවීමක් සිදුවෙනවා. චමින්ද වාස් මහතාව පුහුණුකරු ලෙස පත්කරන්න තීන්දු කලාට පස්සේ අවසාන මොහොතේ ඇවිල්ලා යම් වැඩිකිරීමක් සම්බන්ධව එතුමා ඉල්ලීමක් කරලා තියෙනවා.

ලක්ෂ හතහමාරක මුදලක් ගෙවන්න එකඟ වෙලා තියෙනවා මේ සංචාරයට පමණක්. ක්‍රිකට් පාලක මණ්ඩලය ගිවිසුම් ප්‍රකාරව යනකොට ඒ ගිවිසුමට අමතරව සංචාරයටත් ගාස්තුවක් තියෙනවා. ඒ සංචාරයේ ගාස්තුවට අමතරව තමයි මේ ලක්ෂ හතහමාර ගෙවන්න ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟ වෙලා තියෙන්නෙ.

කෙසේවෙතත් චමින්ද වාස් මැතිතුමා ඒ ලක්ෂ හතහමාර පිළිඅරගෙන නෑ. එතුමා ඉල්ලා අවස්වීම දීලා තියෙනවා. ඒ ඉල්ලීම සාධාරණද නැද්ද කියලා කියන්න මට අවශ්‍ය නෑ. නමුත් තමන්ගේ ජාතික කණ්ඩායම විදේශගත වෙන්න පැය 4කට පෙර ඉල්ලා අස්වීම පිළිබඳව මම පෞද්ගලිකව කණගාටු වෙනවා.”

t

o

p