නීතීඥ සංගමයේ නිලවරණය අද

February 24, 2021

2021 – 2022 වර්ෂය වෙනුවෙන් ශ‍්‍රී ලංකා නීතීඥ  සංගමයේ  සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන නිලවරණය අද පැවැත්වෙනවා.

නීතීඥ සංගමයේ සභාපති ධූරයට මෙවර තරග වදින්නේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා.

දිවයින පුරා පිහිටි නීතිඥ සංගම් මධ්‍යස්ථාන 85 කදී නිලවරණය පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

එහි ඡන්ද විමසීමේ කටයුතු අද පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා පැවැත්වීමට නියමිතයි.  ඒ සඳහා ලියාපදිංචි නීතිඥවරුන් 17,000 දෙනෙකු පමණ ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. 

t

o

p