අලි පන්නන්න ආණ්ඩුවට බැරි නම් අපට ගිනිඅවි දෙන්න

February 24, 2021

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩිම එළවළු තොග සපයනා අක්කර 500ක වගා වපසරියකට හිමිකම් කියනා නාඋල – අඹන මහ වෙල්යායට වසර පහක පමණ කාලයක සිට පවතින වන අලි තර්ජන හේතුවෙන් තමන්ට ගිනිඅවි හෝ දෙන්නැයි ගොවීහු ඉල්ලා සිටිති.

ගොවි පවුල් 800ක් පමණ වර්ෂයකට තුන් වතාවක් වගා කටයුතු සිදු කරනු ලබනා අඹන මහවෙල් යායේ මෙවර එළවළු සහ වී වගා සිදු කර තිබේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගොවීන් කියා සිටියේ අඹන, තලයාය, ආදාවල, ඕපල්ගල, සේනාගම ආදි ගම්මානවල වෙසෙනා ගොවි පවුල් දහසකට අධික පිරිසක් වන අලි හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි.

මේ වන විටත් වී වගා කර ඇති කුඹුරු රැසක් වන අලි විනාශ කර ඇති බව කියා සිටි ගොවීන් අවධාරණය කර සිටියේ වන අලින් පලවා හැරීමට රජය අපොහොසත් වන්නේනම් තමන්ට ගිනිඅවි ලබාදෙන ලෙසටයි. එමඟින් තමන්ගේ වගා කටයුතු ආරක්ෂා කර ගත හැකි බව ද ඔවුහු කියා සිටියහ.

නාඋල – අඹන ගොවීහු ඉල්ලති

t

o

p