Lanka News Page

මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කිරීමේ දිනය කල්යයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අංක 05 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කිරීමේ දිනය සතියකින් කල් දැමීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. 2024 වසර ආරම්භයේ දී 05 වන මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම, 2024 සැප්තැම්බර් 20 වන දිනට කාලසටහන්ගත කර තිබුණි. කෙසේවෙතත් අද (12) පෙරවරුවේ මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, Read More

දකුණු ආසියාවේ දිගම උමං ඇල මාර්ඟය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිරීක්ෂණයට

උතුරු මැද මහඇල ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා ඇතුලු නිලධාරින් පිරිසක් විසින් නිරීක්ෂණය කර තිබේ. උමං මාර්ගය ඉදිකිරීමෙන් පසුව එය දකුණු ආසියාවේ දිගම උමං ඇල මාර්ගය වෙනවා.මෙම උමං මාර්ගය ඉදිකිරිමට වැයවන මුදල රුපියල් මිලියන 49,000 ක්.මෙම ව්‍යාපෘතිය තුළ කිලෝමීටර් 28 ක් දිග උමං ජල මාර්ගයක් ඉදිවෙමින් පවතියි. මොරගහකන්ද හා කළුගඟ ජලාශ වලින් උතුරු Read More

තැපැල් ඡන්දය ප්‍රකාශ නොකළ පුද්ගලයින්ට, අද අවසන් දිනටත් ඒ සඳහා අවස්ථාව

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය මෙතෙක් ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට ඒ සඳහා පහසුකම් සැලසෙන අවසාන දිනය අදයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ඔවුන් අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි. තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූ රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා Read More

සැප්තැම්බර් 11 ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරයට අදට වසර 23 ක්

අමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ ප්‍රහාරයේ 23 වන සංවත්සරය අදට යෙදී තිබේ. 2001 දී පැහැර ගන්නා ලද ගුවන් යානා නිව් යෝර්ක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ද්විත්ව කුළුණුවල ගැටීමට සලස්වා විශාල සංඛ්‍යාවක් මරණයට පත්වූයේ අද වැනි දිනකයි. ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙස සැලකෙන්නේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි ද්විත්වයට සහ වොෂින්ටන් නුවර Read More

ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් 69 දෙනෙකුට ගුවන් ටිකට්පත්

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍ර රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් 69 දෙනෙකුට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු විය. ඊශ්‍රායල රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලාංකික තරුණයින්ට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා උදාවී තිබේ. තරුණයින් 2252 දෙනෙකුට මේ දක්වා එසේ රැකියා අවස්ථා සැලසී ඇති බවයි විදේශ සේවා Read More

මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල Read More

මහපොළ හා ශිෂ්‍යාධාර මුදල් ඉහළ නැංවීමට පියවර

විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර මුදල් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 සිට මේ දක්වා වැඩිකර නොමැති බැවින්; එකී වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පෙන්වා දී තිබුණි. මේ හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් Read More

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ගාල්ල සිට කොළඹ දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යෑම හේතුවෙන්. දුම්රිය සේවය යළි යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් 

2024 සැප්තැම්බර් මස 12 දිනට යෙදී ඇති සිරකරු දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (OPEN VISIT) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබේ. ඒ අනුව 2024.09.12 දිනය තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපරක්ෂක ද්‍රව්‍ය, එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇති අතර, සියලු සෞඛ්‍ය Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ සටන්කාමීත්වය හොඳින් ප්‍රදර්ශනය කළා – කුමාර් සංගක්කාර

ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් සටන් වැදි අගනා ජයග්‍රහණයක් ලැබූ බව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි. ඕවල් ක්‍රීඩාංගණයේ සිට අදහස් දක්වමින් සංගක්කාර මෙසේ ද පැවසීය. කමිඳු – පැතුම් මේ තරගාවලියේ හොඳින් ක්‍රීඩා කළා. එංගලන්තයට පැමිණ එංගලන්ත ක්‍රිකට් පිල පරාජය කිරීම ලෙහෙසි නැහැ. අපේ පසු පෙළින් පවා ධෛර්ය ප්‍රකාශ වුණා. ලහිරු කුමාර, සිංහලෙන් මේ අයට එරෙහිව Read More

t

o

p