ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් 69 දෙනෙකුට ගුවන් ටිකට්පත්

September 11, 2024

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍ර රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් 69 දෙනෙකුට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු විය.

ඊශ්‍රායල රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලාංකික තරුණයින්ට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා උදාවී තිබේ.

තරුණයින් 2252 දෙනෙකුට මේ දක්වා එසේ රැකියා අවස්ථා සැලසී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙසේ රැකියා සදහා පිටත්ව යන තරුණයින්ට අදාළ ගිවිසුමට අනුව වසර 05යි මාස 5 ක කාලයක් ඊශ්‍රායලයේ රැකියාවල නිරතවීමට අවස්ථාව හිමිවෙයි.

t

o

p