රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් 

September 10, 2024

2024 සැප්තැම්බර් මස 12 දිනට යෙදී ඇති සිරකරු දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (OPEN VISIT) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබේ.

ඒ අනුව 2024.09.12 දිනය තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපරක්ෂක ද්‍රව්‍ය, එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇති අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ලබන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

t

o

p