මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කිරීමේ දිනය කල්යයි

September 12, 2024

ශ්‍රී ලංකා මහ බැංකුවේ අංක 05 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කිරීමේ දිනය සතියකින් කල් දැමීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

2024 වසර ආරම්භයේ දී 05 වන මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම, 2024 සැප්තැම්බර් 20 වන දිනට කාලසටහන්ගත කර තිබුණි.

කෙසේවෙතත් අද (12) පෙරවරුවේ මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, 2024 අංක 05 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය, 2024 සැප්තැම්බර් 27 වන දින පෙරවරු 7.30 ට දැනුම් දෙනු ලබන බවයි.

t

o

p