දකුණු ආසියාවේ දිගම උමං ඇල මාර්ඟය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිරීක්ෂණයට

September 12, 2024

උතුරු මැද මහඇල ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා ඇතුලු නිලධාරින් පිරිසක් විසින් නිරීක්ෂණය කර තිබේ.

උමං මාර්ගය ඉදිකිරීමෙන් පසුව එය දකුණු ආසියාවේ දිගම උමං ඇල මාර්ගය වෙනවා.මෙම උමං මාර්ගය ඉදිකිරිමට වැයවන මුදල රුපියල් මිලියන 49,000 ක්.මෙම ව්‍යාපෘතිය තුළ කිලෝමීටර් 28 ක් දිග උමං ජල මාර්ගයක් ඉදිවෙමින් පවතියි.

මොරගහකන්ද හා කළුගඟ ජලාශ වලින් උතුරු මැදට ජලය රැගෙන ඒමට එමඟින් සැලසුම්කර ඇති අතර මෙම මහ ඇලෙහි ඉදිකීරීම් අවසන් වූ පසුව එහි සමස්ත දිග ප්‍රමාණය කිලෝමීටර් 96 ක්.ඇල මාර්ගය ඉදිකිරීමේදී පලුගස්වැව හා මහමීගස්වැව යන ප්‍රදේශවලදී කඳු සහිත ස්ථාන හමුවන නිසා සමස්ත ඇලෙන් කිලෝමීටර් 28 ක දුරක් ජලය රැගෙන යාමට සැලසුම්කර ඇත්තේ උමං මාර්ගයක් ඔස්සේය.

මෙම උමං මාර්ග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරු බී.ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.සෙනෙවිරත්න බණ්ඩා මහතා දිස්ත්‍රික් ලේකම්වරයා වෙත කියා සිටියේ උමං මාර්ගයේ ඉදිකිරීම් වලින් 39% ක පමණ ප්‍රමාණයක් මේ වන විට අවසන්කර ඇති බවයි.2021 වර්ෂයේ ආරම්භ කල මෙම ව්‍යාපෘතිය 2026 වර්ෂයේ මාර්තු මාසයේදි නිම කිරිමට සැලසුම් කර ඇත.

t

o

p