තැපැල් ඡන්දය ප්‍රකාශ නොකළ පුද්ගලයින්ට, අද අවසන් දිනටත් ඒ සඳහා අවස්ථාව

September 12, 2024

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය මෙතෙක් ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට ඒ සඳහා පහසුකම් සැලසෙන අවසාන දිනය අදයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ඔවුන් අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි.

තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූ රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මීට පෙර පසුගිය 4, 5 හා 6 යන දිනවල අවස්ථාව සලසා දී තිබුණේ ඔවුන් සේවය කරන රාජ්‍ය ආයතනවල පිහිටි තැපැල් ඡන්ද මධ්‍යස්ථානවලදීය.

තැපැල් ඡන්දයට මෙවර සුදුසුකම් ලැබූ රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 736,589 කි.

මේ අතර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු හේතුවෙන් අද (12) දිනයේත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ, තැපැල් ඡන්ද පත්‍රිකා රක්ෂිත පැකට්වලින් 80%ක් යළිත් තේරීම් භාර නිලධාරී කාර්යාල වෙත භාර දී ඇති බවයි.

t

o

p