තීරු බදු නොගෙවා මෙරටට රැගෙන ආ විදේශීය මත්පැන් ඇතුළු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට

September 12, 2024

තීරු බදු නොගෙවා මෙරටට රැගෙනවිත් තිබූ විවිධ වර්ගයේ විදේශීය මත්පැන් බෝතල් 159ක්, විදේශීය සිගරට් පැකට් 175ක්, නිමි ඇඳුම් හා රත්‍රං නොවන පළඳනා තොගයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙක් සහ සැකකාරිනියක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කටුනායක ගුවන් තොටුපළේ ගුවන් මගීන් පැමිණීමේ පර්යන්තයේදීයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24, 42, 52, 53 සහ 70 යන වයස්වල පසුවන වත්තල, කොටගල සහ කොළඹ 13 ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ ඉන් එක් අයෙක් ඉන්දීය ජාතිකයෙක් බවයි. අත්අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 48ක කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

t

o

p