Local News

පක්ෂය දෙකඩ වෙන්නේ නෑ – මහින්ද ෆේස්බුක් ඔස්සේ උත්තරදෙයි

කිසිසේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ නොව බව හිටපු ජනපති  මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කරන ලදී. එහිදී මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රශ්න 3000කට වඩා වැඩි ගණනක් ඉදිරිපත්ව තිබූ අතර බොහෝ පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගෙන් පැරණි වැරදි ගැනද  ප්‍රශ්න අසා තිබුණි. ඒවායින් බොහෝමයකට Read More

චීන – ශ්‍රී ලංකා පූර්ණ ආරක්ෂක සහයෝගිතාවක් ගැන සාකච්ඡා

චීනය සහ ශ්‍රී ලංකාව අතර පූර්ණ ආරක්ෂක සහයෝගිතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ. චිනයේ ජ්‍යෙෂ්ඨ කර්නල් ලී චෙංග්ලින් මහතා නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා හමුවී ඊයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව වාර්තා වේ. මේ අතර කාර්මික දෝෂයකට ලක්ව මෙරට මුහුදු සීමාවට පැමිණ තිබූ ඉන්දිය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව් දෙනෙකුට මෙරට Read More

ශ්‍රීලනිප අමාත්‍යවරු ඉල්ලා‍ අස්වීමේ සුදානමක්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු ඉල්ලා අස්වීම සඳහා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලීමක් කර ඇති බව ධීවර අමාත්‍ය  මහින්ද අමරවීර මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ  අද ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය. එජාපය ක්‍රියාකරන ආකාරය දෙස බැලූ විට තවදුරටත් අමාත්‍යධූර දැරීම අවශ්‍ය නොවන බව පෙනී යන බවද ඒ මහතා එහිදී Read More

තිස්ස නව පක්ෂයකින් කරළියට එයි

“එක්සත් පුරවැසි පෙරමුණ” යන නමින් නව පක්ෂයක් ආරම්භ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදී ඒ මහතා කියා සිටියේ  යහපාලන බොරුව ගැන කළකිරුණු පිරිස වෙනුවෙන් එක්සත් පුරවැසි පෙරමුණ යනුවෙන් පක්ෂයක් ආරම්භ කළ බවයි. ඒ අනුව මෙම පක්ෂය පදනම  ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී Read More

සතුරන්ගේ ගෙළ සිඳීමට IS ත‍්‍රස්තයෝ කුඩා දරුවන් යොදාගනී

කුඩා දරුවෙකු විසින් යටත් වූ සිරියානු හමුදා නිළධාරියෙකුගේ ගෙළ  කපා ඝාතනය කරන වීඩියෝවක්IS ත‍්‍රස්ත සංවිධානය විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ. සිරියාවේ පැල්මයිරා නගරයේදි සිදුකලා යැයි විශ්වාස කරන මෙම අති අමනුෂික කි‍්‍රයාව සඳහා යොදාගෙන ඇත්තේ වයස අවුරුදු 10 ක පමණ කුඩා දරුවෙකු වන අතර කැළැ සටන් ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී සිටින දරුවා විසින් කුඩා පිහියක් යොදා ගනිමින් යටත් Read More

ජවිපෙ රට හදන වැඩපිළිවෙල මෙන්න

ජනතා විමුක්ති පෙරමුණේ පාලන බලයක් යටතේ ඉදිරි අවුරුදු පහ තුළ රට ගොඩනැගීම උදෙසා ජවිපෙ ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළත් “හෘද සාක්‍ෂියේ සම්මුතිය” වැඩපිළිවෙල එළි දැක්වීමේ විශේෂ මහ සමුළුව අද (22) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැති අතර එහිදී එළි දැක් වූ වඩපිළිවෙල පහතින් දැක් වේ. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩපිළිවෙළ මූලික කරුණු පහකින් සමන්විතය. එහිදී “ජනතාවාදී පාලනයක්” යන Read More

මුහුදු මාර්ගයේ කොටසක් වසයි

කොළඹ, වැල්ලවත්ත ආශ්‍රිත මුහුදු මාර්ගයේ කොටසක් අද සහ හෙට දෙදින තුළ වසා තබනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන කාර්යාලය පවසයි. ඒ අනුව වැල්ලවත්ත මුහුදු මාර්ගයේ කොළඹ දෙසට ඊ.ඒ. කුරේ මාවත අසළ සිට විවේකා‍න්නද මාවත දක්වා කොළඹින් පිටවන මංතීරුව මෙලෙස වසා තමන බව සඳහන්ය. අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස වසා තබන බව වාර්තා වෙයි.

ඕස්ටේ‍්‍රලියාව පූසන් විසි ලක්‍ෂයක් මරා දමයි..

ඕස්ටේ‍්‍රලියාවට ආවේණික සත්ව විශේෂයන් ආරක්‍ෂා කිරීම සඳහා එරට රජය විසින් ආන්දෝලනාත්මක පස් අවුරුදු සැලැස්මක් ප‍්‍රකාශයට පත් කර ඇතැයි වාර්තා වේ. ඒ යටතේ ෆෙරල් පූසන් මිලියන 2ක් මරා දැමීමට සැලසුම් කර ඇතැයි පැවසේ. ඕස්ටේ‍්‍රලියානු රාජ්‍ය පරිසර ඇමති ග්‍රෙග් හන්ට් පවසා ඇත්තේ ෆෙරල් බළලා හානිකර සත්වයකු ලෙස ලේඛනගත කර උගුල් ඇටවීම, වෙඩි තැබීම හා විෂ දීම වැනි Read More

වත්කම් හෙලි නොකල අපේක්‍ෂකයින්ට හැඳුනුම්පත් නෑ

අගෝස්තු 17 වන දා පැවැත්වෙන මහ මැතිවරණයට තරග වදින වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබානොදුන් අපේක්ෂකයන්ට අපේක්ෂක හැදුනුම්පත් ලබා නොදෙන්නේ යයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ නාමයෝජනා පත‍්‍ර සමගම බාර දෙන ලෙෂ දන්වා තිබුනද අපේක්ෂකයින් වැඩි ප‍්‍රමාණයක් තවමත් වත්කම් – බැරකම් ප‍්‍රකාශ ලබාදී නැති බවයි.

මෛත්‍රී අපි උස්සලා පොළවේ ගැහුවා

‘සන්ධානයේ නාම යෝජනා ලැයිස්තුව හැදුවයින් පස්සෙ ජනාධිපතිතුමා සමග හිටපු කණ්ඩායම් හා සංවිධාන ජනපතිතුමාට පංච නින්දාවෙන් බනින්න පටන් ගත්තා. එතුමා ඊයෙ පෙරේද කළ ප්‍රකාශයෙන් අපි උස්සල පොළවෙ ගැහුව වගේ වුණා. ඒක අපට හරි අවාසියක්. හැබැයි එහෙම වුනත් මේ පක්ෂය කැඩෙන්න දෙන්නෙ නෑ‘ යැයි එස්. බී. දිසානායක මහතා දවුලගලදී පැවති උඩුනුවර ආසන බල මණ්ඩල හමුවේදී පැවසීය.

t

o

p