ජවිපෙ රට හදන වැඩපිළිවෙල මෙන්න

July 22, 2015

ජනතා විමුක්ති පෙරමුණේ පාලන බලයක් යටතේ ඉදිරි අවුරුදු පහ තුළ රට ගොඩනැගීම උදෙසා ජවිපෙ ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළත් “හෘද සාක්‍ෂියේ සම්මුතිය” වැඩපිළිවෙල එළි දැක්වීමේ විශේෂ මහ සමුළුව අද (22) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැති අතර එහිදී එළි දැක් වූ වඩපිළිවෙල පහතින් දැක් වේ.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩපිළිවෙළ මූලික කරුණු පහකින් සමන්විතය. එහිදී “ජනතාවාදී පාලනයක්” යන ප‍්‍රධාන කරුණ යටතේ රාජ්‍ය ව්‍යුහය, මූලික අයිතීන්, ජාතික ආරක්ෂාව, ජාතික සමඟිය, විදේශ ප‍්‍රතිපත්තිය යන අනුකරුණුත්, “උසස් මානව සම්පතක්” යන ප‍්‍රධාන කරුණ යටතේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ජලය, ආහාර, පෝෂණය හා සනීපාරක්ෂාව, ක‍්‍රීඩා හා ශරීර සුවතාව, විද්‍යා හා තාක්ෂණ යන අනුකරුණුත්, “නවීකරණය හා කාර්මීකරණය වූ රටක්” යන ප‍්‍රධාන කරුණ යටතේ ආර්ථික ක්ෂේත‍්‍රය, කර්මාන්ත, කෘෂිකර්මාන්තය, පශු සම්පත්, ධීවර හා ජලජ කර්මාන්තය, වැවිලි කර්මාන්තය, සංචාරක කර්මාන්තය, ඉඩම්, ජල කළමනාකරණය හා වාරිමාර්ග, දේශීය හා විදේශීය වෙළදාම, මූල්‍ය ක්ෂේත‍්‍රය, බලශක්තිය, ප‍්‍රවාහනය හා මහාමාර්ග,නිවාස, පරිසරය, රැකියා, විදේශගත ශ්‍රී ලාංකිකයන්, ග‍්‍රාමීය සංවර්ධනය යන අනු කරුණුත්, “සාධාරණ සමාජයක්” යන ප‍්‍රධාන කරුණ යටතේ ආණ්ඩුවේ කාර්යභාරය නමින් මූලික මිනිස් අයිතීන්, අධිකරණය,අපරාධ හා බන්ධනාගාර, කාන්තා හා ළමා අයිතිවාසිකම්, වැඩිහිටි, ආබාධිත සහ වෙනස් වූ හැකියාවන් සහිත පුරවැසියන්, සමාජ සුබසාධනය, නාස්තිය, දුෂණය සහ වංචා වැළැක්වීම යන කරුණු සහ පෞද්ගලික සමාගම්වල හා ආයතනවල කාර්යභාරය, පවුල සහ පුද්ගල කාර්යභාරය යන අනුකරුණු සහ “නිවහල් මිනිසෙක්” යන ප‍්‍රධාන කරුණ යටතේ කලාව සහ අනෙක් ක්ෂේත්‍ර රාජ්‍ය බලපෑමෙන් නිදහස් කිරීම පිළිබඳ කරුණු ඇතුළත් වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p