තිස්ස නව පක්ෂයකින් කරළියට එයි

July 22, 2015

“එක්සත් පුරවැසි පෙරමුණ” යන නමින් නව පක්ෂයක් ආරම්භ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

එහිදී ඒ මහතා කියා සිටියේ  යහපාලන බොරුව ගැන කළකිරුණු පිරිස වෙනුවෙන් එක්සත් පුරවැසි පෙරමුණ යනුවෙන් පක්ෂයක් ආරම්භ කළ බවයි.

ඒ අනුව මෙම පක්ෂය පදනම  ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් බවත්, ප්‍රතිපත්ති සහ දර්ශන පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒසේම රාජපක්ෂ රෙජීමය පිළිබඳව කතා කළ එ.ජා.ප. මේ වන විට රාජකීය රෙජීමයකට යටවී පවතින බවත්, ගමේ සිටින අහිංසක මිනිසුන්  දුක් මහන්සී වී එ.ජා.ප ගොඩගන්න කළ උත්සහය මේ වන විට එ.ජා.ප. රාජකීය රෙජීමයක බලයට  යටවී ඇති බවට පෙනී යන බවත් ඒ මහතා එහිදී කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p