පක්ෂය දෙකඩ වෙන්නේ නෑ – මහින්ද ෆේස්බුක් ඔස්සේ උත්තරදෙයි

July 24, 2015

කිසිසේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ නොව බව හිටපු ජනපති  මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කරන ලදී.

එහිදී මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රශ්න 3000කට වඩා වැඩි ගණනක් ඉදිරිපත්ව තිබූ අතර බොහෝ පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගෙන් පැරණි වැරදි ගැනද  ප්‍රශ්න අසා තිබුණි.

ඒවායින් බොහෝමයකට ඔහු විසින් පිළිතුරුදී තිබූ අතර ෆේස්බුක් ලයික් යොදා 20,000කට අධික පිරිසක් මෙම වැඩසටහනට  කැමැත්ත ප්‍රකාශ කර තිබිණ.

එසේම පිළිතුරු දෙමින් තමන් ඇතැම් වැරදි පිළිගන්නා බවද ඒ සම්බන්ධයෙන් කනගාටුවන බවද ඔහු ප්‍රතිචාර වශයෙන් දක්වා තිබිණ.

තමන් එම වැරදි සම්බන්ධයෙන් ස්වයං විවේචනයක් සිදු කර ඇති බවත්, වැරදි නිවැරදි කරගැනීමට ඒවා දැනගැනීම ප්‍රයෝජනවත්වූ බවද, වැරදි නිවැරදි කරගැනීමට කටයුතු කරන බවද, හෙතෙම සඳහන් කර තිබුණි.

දූෂණ වංචා කිරීමට කිසිදු ඉඩක් නොතබන බවත්, විනිවිද භාවයකින් යුතු වැඩපිළිවෙළක් මත ආණ්ඩුව පවත්වාගෙන යන බවත්, රාජපක්ෂ මහතා නැවත බලයට පත්වුවහොත් ඔහු වටා සිටින පිරිසගේ දුෂණ වංචා නැවැත්වීමට ක්‍රියා කරන්නේද යන ප්‍රශ්නයකට පිළිතුරු ලෙස දක්වා තිබිණ,

තවත් පැනයක් වූයේ ශ්‍රීලනිපයේ වෙනත් ජ්‍යෙෂ්ඨයකුට අවස්ථාවක් නොදී මහින්ද රාජපක්ෂ යළි අගමැතිවීමට පැමිණීම මත පක්ෂය දෙකට බෙදීමක් සිදුවේද යන්නයි.

බහුතර පාක්ෂිකයන්ගේ ඉල්ලීම මත එම තීරණයට පැමිණි බවත්, කිසිසේත් පක්ෂය දෙකඩ නොවන බවත්, එයට පිළිතුරු ලෙස මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබිණ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p