Local News

ලංකාවේ වාහන වැඩියි

මෙරටට වාහන ආනයනය කිරීමට ණයවර ලිපි නිකුත් කිරීමට නම් 100% තැන්පතුවක් අත්‍යවශ්‍ය යයි නීති පනවා ඇති බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි. ඊයේ (02) මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම නව නීතිය ක‍්‍රියාත්මක වන බවද පැවසූ ඇමතිවරයා එවැන් තීරණයක් ගත්තේ වාහන ආනයනය ඉහළ ගොස් තිබෙන හෙයින් එය සීමා කිරීමට යයිද සදහන් කරයි. වාහන 491628ක් මේ වසරේ Read More

බටහිරට එරෙහි ප‍්‍රහාර එල්ල කරන්නැයි අල් කයිඩාවෙන් ඉල්ලීමක්

තමන් ජීවත්වන රාජ්‍යයන් තුළ ප‍්‍රහාර දියත් කරන ලෙසට අල් කයිඩා නායක අයිමාන් අල් සවාහිරි විසින් ඇමරිකානු හා වෙනත් බටහිර රටවල මුස්ලිම් තරුණයන්ගෙන් ඉල්ලීමක් හඬ පටය අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ. සවාහිරි පවසා ඇත්තේ කුරුස යුද්ධ සන්ධානයට හානි කළ හැකි මුස්ලිම්වරුන් වහා පියවර ගත යුතු බවයි. බොස්ටන් මැරතන් බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ ට්සාර්නායෙව් හා චාර්ලී හෙබ්ඩෝ ප‍්‍රහාරය Read More

රුසියානු ගුවන් ප‍්‍රහාර ISIS පුහුණු කඳවුරක්, විධාන මධ්‍යස්ථානයක් වනසයි.

සිරියාවේ ස්ථානගත කර ඇති රුසියානු ප‍්‍රහාරක යානා එල්ල කළ ගුවන් ප‍්‍රහාරවලින් ත‍්‍රස්තවාදීන්ගේ පුහුණු කඳවුරක් හා අණදෙන මධ්‍යස්ථානයක් සහමුලින්ම විනාශ වී ඇතැයි වාර්තා වේ. රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ මීටර් 5000කට වඩා වැඩි උසක සිට එල්ල කළ ප‍්‍රහාරය ඉතාමත් නිවැරදි ලෙස ඉලක්කයට ළගාවූ බවයි. මේ සඳහා රුසියානු නිෂ්පාදිත සුකොයි SU-25 සහ SU-34 ප‍්‍රහාරක යානා සහභාගී වූ Read More

ධීවරයින් නිදහස් කරගැනීමට මැදිහත් වෙන්න

ශ්‍රීලංකා නාවික හමුදා අත්අඩංගුවේ සිටින ඉන්දියා ධීවරයින් 21 දෙනෙකු නිදහස් කරගැනීමට වහා මැදිහත් වන ලෙස ඉල්ලා තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. තමිල්නාඩු ධීවරයින්ට එල්ල වන හිරිහැර දිනෙන් දින වර්ධනය වන බැවින් ඒවා වැළැක්වීමට දිගුකාලීන විසඳුමක් ඉන්දියා මධ්‍යම රජයේ මැදිහත් වීමෙන් ලබාදීමට කාලය එළැඹ Read More

වැසුණු අධිවේගය යළි විවෘතයි!

තාවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සහ ඉමදූව අතර ප්‍රදේශය  යළි වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබේ. කිලෝමිටර් 114 කණුව අධිවේගී මාර්ගය අසළ ප්‍රදේශය නායයෑමේ අවදානමක් පවතින බවට ලැබුණු තොරතුරු හේතුවෙන් ඊයේ රාත්‍රී සිටි අදාළ ප්‍රදේශය වසා දමා තිබී අද උදෑසන විවෘත කර යළිත් වසා දමන ලදී. කෙසේ වෙතත් (02) සවස් කාලය වනවිට Read More

ජපානයේදී අගමැතිගෙන් විශේෂ දේශනයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තම ජපන් සංචාරයේදී එරට විද්‍යා හා තාක්ෂණ සම්මේලනය අමතා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ සිව්දින ජපන් සංචාරය ලබන 4 වැනිදා ආරම්භ වෙයි. එම සංචාරයේදී අගමැතිවරයා එරට අගමැති ෂින්සෝ අබේ ඇතුළු ඉහළ පෙළේ නායකයින් රැසක් හමුවී ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් සාකච්ඡා කිරීමට නියමිතය. ‍එසේම ජපන් අධිරාජයා හා අධිරාජිණිය ද Read More

වාහන කල්බදු සීමාව ලිහිල් කරයි

මෙරට මාර්ග වලට පැමිණෙන වාහන ප්‍රමාණය අඩුකිරීමේ අරමුණෙන් කිසිදු මූලික ගෙවීමකින් තොරව සියයට සියයක් කල්බදු (Full Leasing) පහසුකම් හෝ සියයට සියයක් කුලීපිට ගැනීමේ පහසුකම් (Hire Purchase) මත වාහන මිලදීගැනීම වැලැක්වීම සඳහා රජය විසින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛය (Circular) වෙනස් කර තිබේ. මෙම චක්‍රලේඛයට අදාළව කල්බදු පහසුකම් ලබාගත හැකිව තිබුණේ වාහනයේ සම්පූර්ණ මිලෙන් සියයට 70 ක් Read More

කොක්මාදුවේ අවදානම නැතිකරන්න රු.මි. 500ක් යයි

ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල – මාතර නායයෑමේ අවදානමට ලක්ව ඇති කෝක්මාදූව ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වී තිබේ. අමාත්‍යාංශ නිලධාරි කණ්ඩායමක් සමග නියෝජ්‍ය අමාත්‍යවරයා එම ප්‍රදේශයට පැමිණි බව අද දෙරණ වාර්තකරු සඳහන් කළේය. ප්‍රදේශය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා කියා සිටියේ එම Read More

ඇමරිකානු උපාය පරදවන්න රටක්‌ ලෙස කෙළින් සිට ගන්න

ජිනීවා මානව හිමිකම් යෝජනාවලිය හරහා ඇමරිකානු ආධිපත්‍යයට අප රට පත් කිරීමට හදන ක්‍රියාවලිය පරාජය කිරීමට අන්තිම පැය කීපය තුළදී හෝ රටක්‌ හැටියට කෙළින් හිට ගන්නා ලෙස ආණ්‌ඩුවට බල කරන බව ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (29 දා) පෙරවරුවේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවේදී ඒ Read More

ඩී.අයී.ජී රිමාන්ඩ්

වව්නියාව, කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ නිධන් හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් වව්නියාවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති යු.කේ.දිසානායක මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු සැකකරුවන් නව දෙනා අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. එහිදී සැකකරුවන් හත් දෙනෙකු අධිකරණය හමුවේ  වරද පිළිගෙන Read More

t

o

p