ජපානයේදී අගමැතිගෙන් විශේෂ දේශනයක්

October 2, 2015

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තම ජපන් සංචාරයේදී එරට විද්‍යා හා තාක්ෂණ සම්මේලනය අමතා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ සිව්දින ජපන් සංචාරය ලබන 4 වැනිදා ආරම්භ වෙයි.

එම සංචාරයේදී අගමැතිවරයා එරට අගමැති ෂින්සෝ අබේ ඇතුළු ඉහළ පෙළේ නායකයින් රැසක් හමුවී ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් සාකච්ඡා කිරීමට නියමිතය.

‍එසේම ජපන් අධිරාජයා හා අධිරාජිණිය ද අගමැතිවරයා හා අගමැති ආර්යාව අතර හමුවක් පැවැත්වීමට නියමිතව ඇත.

ජපන් විද්‍යා හා තාක්ෂණ සංගමයේ විශේෂ දේශනයක් පවත්වන අග්‍රාමාත්‍යවරයා ජපන් පාර්ලිමේන්තුව ද ඇමතීමට නියමිතය.

වාර්ෂික පවත්වනු ලබන ජපන් විද්‍යා හා තාක්ෂණ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ජපන් අගමැතිවරයාය.

එසේම ජපන් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත හමුවක්ද, ජපන් – ශ්‍රී ලංකා ව්‍යාපාරික හා වෙළඳ ප්‍රජාව සමගද අගමැතිවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මීට අමතරව ජපානයේ හිටපු අගමැතිවරුන් කිහිප දෙනෙකු ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p