වාහන කල්බදු සීමාව ලිහිල් කරයි

October 2, 2015

මෙරට මාර්ග වලට පැමිණෙන වාහන ප්‍රමාණය අඩුකිරීමේ අරමුණෙන් කිසිදු මූලික ගෙවීමකින් තොරව සියයට සියයක් කල්බදු (Full Leasing) පහසුකම් හෝ සියයට සියයක් කුලීපිට ගැනීමේ පහසුකම් (Hire Purchase) මත වාහන මිලදීගැනීම වැලැක්වීම සඳහා රජය විසින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛය (Circular) වෙනස් කර තිබේ.

මෙම චක්‍රලේඛයට අදාළව කල්බදු පහසුකම් ලබාගත හැකිව තිබුණේ වාහනයේ සම්පූර්ණ මිලෙන් සියයට 70 ක් සඳහා පමණක් විය.
මෙම චක්‍රලේඛයට අනුව ඉතිරි සියයට 30 ක මුදල වාහනය මිලදීගන්නා පුද්ගලයා විසින් ගෙවිය යුතු විය.

මෙම චක්‍රලේඛය වෙනස් කළ බවත් වාහන සඳහා කල් බදු පහසුකම් ලබාගත හැකි සීමාව සියයට 70 ක සිට සියයට 90 ක් දක්වා ඉහළ දැමූ බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක අද පස්වරුවේදී කොළඹදී පැවසීය. මෙම නව සංශෝධනයට අනුව වාහනයක් මිලදී ගැනීමේදී අතින් ගෙවිය යුත්තේ සියයට 10 ක වටිනාකමක් පමණි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p