කොක්මාදුවේ අවදානම නැතිකරන්න රු.මි. 500ක් යයි

October 2, 2015

ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල – මාතර නායයෑමේ අවදානමට ලක්ව ඇති කෝක්මාදූව ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වී තිබේ.

අමාත්‍යාංශ නිලධාරි කණ්ඩායමක් සමග නියෝජ්‍ය අමාත්‍යවරයා එම ප්‍රදේශයට පැමිණි බව අද දෙරණ වාර්තකරු සඳහන් කළේය.

ප්‍රදේශය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා කියා සිටියේ එම ප්‍රදේශය හරහා අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී යම් යම් අඩුපාඩු සිදුව ඇති බවට  නිරීක්ෂණය වන බවයි.

නායයෑමේ අවදානමට ලක්ව ඇති මිටර් 200 ක පමණ ප්‍රදේශය යථා තත්ත්වයට පත් කිරීම සඳහා  රුපියල් මිලියන 500 ක පමණ මුදලක් වැය වනු ඇති බවට නිරීක්ෂණ නිලධාරින් විසින් තමන්ට දැනුම්දී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p