වැසුණු අධිවේගය යළි විවෘතයි!

October 3, 2015

තාවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සහ ඉමදූව අතර ප්‍රදේශය  යළි වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.

කිලෝමිටර් 114 කණුව අධිවේගී මාර්ගය අසළ ප්‍රදේශය නායයෑමේ අවදානමක් පවතින බවට ලැබුණු තොරතුරු හේතුවෙන් ඊයේ රාත්‍රී සිටි අදාළ ප්‍රදේශය වසා දමා තිබී අද උදෑසන විවෘත කර යළිත් වසා දමන ලදී.

කෙසේ වෙතත් (02) සවස් කාලය වනවිට නායයාම සඳහා පැවති අවදානම තුරන්වීම හේතුවෙන් අධිවේගය විවෘත කළ බව සඳහන්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p