ධීවරයින් නිදහස් කරගැනීමට මැදිහත් වෙන්න

October 3, 2015

ශ්‍රීලංකා නාවික හමුදා අත්අඩංගුවේ සිටින ඉන්දියා ධීවරයින් 21 දෙනෙකු නිදහස් කරගැනීමට වහා මැදිහත් වන ලෙස ඉල්ලා තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

තමිල්නාඩු ධීවරයින්ට එල්ල වන හිරිහැර දිනෙන් දින වර්ධනය වන බැවින් ඒවා වැළැක්වීමට දිගුකාලීන විසඳුමක් ඉන්දියා මධ්‍යම රජයේ මැදිහත් වීමෙන් ලබාදීමට කාලය එළැඹ ඇතැයි ඇය එම ලිපියේ සඳහන් කර තිබෙන බව එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.

ශ්‍රීලංකා මුහුදු සීමා නීති උල්ලංඝණය කළ ඉන්දියා ධීවරයින් 21 දෙනෙකු හා ධීවර යාත්‍රා 30 ක් ශ්‍රීලංකා බලධරයින්ගේ අත්අඩංගුවේ පවතින බවද ඇය කියා ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p