Local News

ස්ත‍්‍රී දුෂකයින් පුස්සන් කරන්න යයි

මෙරට ළමා අපචාර හා ස්ත‍‍්‍රී දුෂනය සම්බන්ධයෙන් වරදකරැුවන් වන අය පුස්සන් (වන්ධ්‍යභාවයට* බවට පත් කිරීමේ කිරීමේ නීති පැනවීම සම්බන්ධයෙන් බලධාරීන් අතර සාකච්චා ආරම්බ වී තිබේ. මෙහිදී රසායනික ද්‍රව්‍ය එන්නත් කිරීමකින් එම වරදකරැුුවන් පුස්සන් කිරීම (වන්ධ්‍ය කිරීම* පිළිබද අවධානය යොමු වී ඇති අතර ලෝකයේ රටවල් විසි පහකට ආසන්න ප‍‍්‍රමාණයක් ස්ත‍‍්‍රී දුෂකයන්ට දඩුවමක් වශයෙන් පුස්සන් කිරීම නීතියෙන් Read More

රුසියානු ප‍්‍රහාර දැඩිවෙයි

සිරියාව තුළ රුසියානු ගුවන් හමුදාව විසින් සිදුකරන මෙහෙයුමේදී අවසන් දින 3 තුළ ප‍්‍රහාරක පියාසැරි 137කින් ISIS හා සිරියාවේ ක‍්‍රියාත්මක වෙනත් ත‍්‍රස්තවාදී කණ්ඩායම් වලට අයත් ඉලක්ක 448ක් විනාශ කර ඇතැයි වාර්තා වේ. රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශ ප‍්‍රකාශක ඉගෝර් කොනෂෙන්කොව් පවසා ඇත්තේ අලෙප්පෝ, දමස්කස්, ඉඞ්ලිබ්, ලටාකියා, රක්කා, හාමා සහ හොම්ස් යන ප‍්‍රාන්ත තුළ මෙම ගුවන් මෙහෙයුම් සිදුකළ බවයි. Read More

අනුන්ට උපකාර කිරීමේ ලෝක දර්ශකයේ 8වන ස්ථානය ශ්‍රී ලංකාවට

2015 වසරේ අන්‍යයන්ට උපකාර කිරීමේ ලෝක දර්ශකයේ 8වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. බ්‍රිතාන්‍යයේ සහන සේවා ආයතනයක් විසින් රටවල් 145ක් යොදා ගනිමින් වාර්ෂිකව සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාව මෙලෙස 08 වන ස්ථානයට පත්ව ඇති බව සඳහන්ය. උපකාර අවශ්‍ය පුද්ගලයින් සඳහා මුදල් පරිත්‍යාග කිරීම්, ස්වෙච්ඡා සේවාවන් ලබාදීම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් අදාළ දර්ශකය සකස් Read More

ගුණරත්නම්ව රටින් පිටුවහල් කිරීමේ මැදිහත්වීම් නවත්වන්න

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්  මහතා‍ගේ දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධව සාකච්ඡාවක් ලබා ගැනීම ස‍ඳහා   ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පෙරටුගාමී පක්ෂය විසින්  ලිපි  යොමුකර තිබේ. කුමාර් ගුණරත්නම් මහතා බන්ධනාගාරයෙන් නිදහස් කරන ලෙසත්, ඔහුව රටින් පිටුවහල් කිරීම නවතාලන ලෙසත් ඔහු‍ මෙරටේ දේශපාලනය කිරීම සඳහා ඉඩකඩ ලබාදෙන ලෙසද එම ලිපි මගින් Read More

දමිතාගෙනුත් ප්‍රශ්න කරයි

රංගන ශිල්පිනියක වන දමිතා අබේරත්න ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැඳවා තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇය මෙලෙස කැඳවා ඇත. මේ අතර හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාද එම කොමිසමට පැමිණ ඇතැයි අප වාර්තාකරු කියයි.

ෆොන්සේකාගෙන් මිලියන 500ක් ඉල්ලා නඩුපවරන්න සූදානම්

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මිලියන 500 ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව අධිකරණ අමාත්‍ය,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව තමා ‍හොරෙකු ලෙස හඳුන්වමින් කළ ප්‍රකාශය හේතුවෙන් තමාගේ කීර්ති නාමයට හානියක් සිදුව ඇති බැවින් ඊට එරෙහිව නඩු පවරන ලෙස තමාගේ නීතිඥයින්ට උපදෙස් දී ඇති බව හෙ‍තෙම කියා සිටියේ අද (06) කොළඹ පැවති Read More

හිටපු ඩී.අයි.ජීට අදත් ඇප නෑ

වව්නියාව ප්‍රදේශයේ නිධන් හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති සහ හිටපු ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔවුන් අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් වී. රාමකමලන් මහතා විසින් අදාළ නියෝගය ලබාදුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ Read More

ආණ්ඩුවත් ආණ්ඩුවේ විපක්ෂයත් ආණ්ඩුවේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අය තමාට දේශපාලනයෙන් ඉවත්ව විශ්‍රාම ගන්නා ලෙස ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පක්ෂයේ ඇතැමුන් එසේ කියන විට ජනතාව තමාට තවදුරටත් දේශපාලනය කරන ලෙස ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේ අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ ජනතාව හමුවූ අවස්ථාවකදීය. තමා විශ්‍රාම සුවයෙන් සිටින්නට කල්පනා කළද නැවත දේශපාලනයට පැමිණියේද ජනතා ඉල්ලීම Read More

කුමාර් අත්අඩංගුවට ගත්තේ යහපාලනය නිසයි

මෙරට ආගමන විගමන නීතියට අනුව වීසා නොමැතිව රැඳී සිටි ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන පෙරටුගාමී පක්ෂයේ කුමාර් ගුණරත්නම් නීත්‍යනුකූලව අත් අඩංගුවට ගැනීම ” යහපාලනය”නොවන්නේ කෙසේදැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතා ප්‍රකාශ කරයි. මෙරට නීතියට අනුව වරදක් කර ඇති ඔහු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් නීතිය නිවැරදිව ක්‍රියාත්මක Read More

මෑන් පවර් සේවකයින් 2367ක් ස්ථීර කරනවා

විදුලිබල මණ්ඩලය තුළ සේවය කරන 5988ක් වන මෑන් පවර් සේවකයින්ගෙන් 2367ක් ලබන වසරේ ජනවාරී වන විට ස්ථීර කරන බව විෂයභාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඉතිරි සුදුසුකම් සපුරා නැති සේවකයින්ට සිය සේවය ස්ථීර කර ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට කාලය ලබාදෙන බවද ඒ මහතා කියයි. ශ්‍රීලනිප මූලස්ථානයේ අද පැවැති  මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය. Read More

t

o

p