රුසියානු ප‍්‍රහාර දැඩිවෙයි

November 10, 2015

සිරියාව තුළ රුසියානු ගුවන් හමුදාව විසින් සිදුකරන මෙහෙයුමේදී අවසන් දින 3 තුළ ප‍්‍රහාරක පියාසැරි 137කින් ISIS හා සිරියාවේ ක‍්‍රියාත්මක වෙනත් ත‍්‍රස්තවාදී කණ්ඩායම් වලට අයත් ඉලක්ක 448ක් විනාශ කර ඇතැයි වාර්තා වේ.

රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශ ප‍්‍රකාශක ඉගෝර් කොනෂෙන්කොව් පවසා ඇත්තේ අලෙප්පෝ, දමස්කස්, ඉඞ්ලිබ්, ලටාකියා, රක්කා, හාමා සහ හොම්ස් යන ප‍්‍රාන්ත තුළ මෙම ගුවන් මෙහෙයුම් සිදුකළ බවයි.

ලටාකියා ජබාට් අල් නුස්රා සංවිධානයට අයත් මෝටාර් ස්ථානයක් විනාශ කර ඇති අතර හාමාහි ඔවුන්ට අයත් සන්නද්ධ රථ අළුත්වැඩියා කරන මධ්‍යස්ථානයක්ද විනාශ කර තිබේ.

ඉඞ්ලිබ් හා අලෙප්පෝ ප‍්‍රාන්ත තුළ අල් නුස්රා කටයුතු සම්බන්ධීකරණය කළ ප‍්‍රධාන පෙළේ අණදෙන මධ්‍යස්ථානයක් විනාශ කළ බව කොන්ෂෙන්කොව් පවසා ඇත.

මෙම මධ්‍යස්ථානය පසුගිය සති 3 තුළ පිහිටුවන ලද්දක් වන අතර මනා ලෙස සගවා තිබූ බව පැවසේ.

රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශ ප‍්‍රකාශකවරයා පවසා ඇත්තේ ඩ්‍රෝන යානා විසින් ලබාදුන් තොරතුරු විශ්ලේෂණය කර KAB500 බෝම්බයක් මගින් එය විනාශ කර දැමූ බවයි.

මේ අතර පසුගිය දින කිහිපය තුළ රුසියානු ප‍්‍රහාරවල තීව‍්‍රතාවය සාමාන්‍ය මට්ටමට වඩා අඩුවූ බවද ඔහු හෙළි කර තිබේ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p