කුමාර් අත්අඩංගුවට ගත්තේ යහපාලනය නිසයි

November 5, 2015

මෙරට ආගමන විගමන නීතියට අනුව වීසා නොමැතිව රැඳී සිටි ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන පෙරටුගාමී පක්ෂයේ කුමාර් ගුණරත්නම් නීත්‍යනුකූලව අත් අඩංගුවට ගැනීම ” යහපාලනය”නොවන්නේ කෙසේදැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතා ප්‍රකාශ කරයි.

මෙරට නීතියට අනුව වරදක් කර ඇති ඔහු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් නීතිය නිවැරදිව ක්‍රියාත්මක වන බවට ඔප්පු කර ඇතැයි හෙතෙම පවසයි.
රාජපක්ෂ ආණ්ඩු සමය තුල කළාක් මෙන් සුදු වෑන් රථ වලින් ගොස් පුද්ගලයින් පැහැර ගැනීම, හෝ මරා අතුරුදන් කිරීම “යහපාලනය”තුළ සිදු නොවන බව පෙරටුගාමීන් අමතක කර ඇතැයිද අමාත්‍යවරයා කියා සිටින්නේ නිවේදනයක් නිකුත් කරමිනි.

පසුගිය ජනාධිපතිවරන සමයේදී හිටපු පාලකයින්ගේම අනුග්‍රහයෙන් “නොයෙල් මුදලිගේ” යන නම භාවිතා කර ව්‍යාජ ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණ දේශපාලන කටයුතුවල නිරත වූ කුමාර් ගුණරත්නම්ට රාජපක්ෂ පාලකයෝ ඇස් බැඳ, පැහැරගෙන ගොස් ” ලිංගික”අතවර කළ බව සඳහන් කරන ඇමතිවරයා එවැනි යුගයක් වර්තමානයේ නොතිබීම ගැන පෙරටුගාමීන් සතුටු විය යුතු යැයිද පවසයි.
ව්‍යාජ ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණීමත්, විසා කාලය ඉක්මවා හොරෙන් රැඳී සිටීමත්, වරදක් නොවන්නේ කෙසේ දැයි විමසන රංගේ බංඩාර මහතා, කුමාර් ගුණරත්නම් කළ යුතු වන්නේ තමන්ට පුරවැසි බව හිමි ඔස්ට්‍රේලියාවට ගොස් නැවත නීත්‍යනුකූලව මෙරටට පැමිණ දේශපලනය කිරීම බවද පෙන්වා දෙයි.

වර්තමාන ආණ්ඩුව සිසුන්ගේ ප්‍රශ්නයට විසඳුම් යෝජනා කර තිබියදී සිසුන් පාරට බස්සවා කොළඹ නගරයේ ජන ජීවිතය අඩාල කර, ජනතාවගේ මානව හිමිකම් කැඩීම ගැන වචනයක් කතා නොකරන පෙරටුගාමීන් නීතියට අනුව වරදක් කර සැඟවී සිටි කුමාර් ගුනරත්නම් අත් අඩංගුවට ගත්විට ඔහුගේ මානව හිමිකම් උල්ලංඝණය වී යැයි කෑගැසීම හාස්‍යයට කරුණක් බව ඔහු ස්වකීය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p