Local News

මෙරට පරිගණක සාක්ෂරතාවය සියයට 39 දක්වා ඉහළට

මෙරට පරිගණක සාක්ෂරතාවය සියයට 39 දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2023 වර්ෂයේ පරිගණක සාක්ෂරතා සමීක්ෂණ වාර්තාවට අනුව මෙරට අවුරුදු 05ත් 69ත් අතර පුද්ගලයින් 05 දෙනෙකුගෙන් දෙදෙනෙකුට පරිගණක සාක්ෂරතාව පවතින බව සඳහන්ය. එමෙන්ම පුද්ගලයින් 05 දෙනෙකුගෙන් තිදෙනෙකුට ඩිජිටල් සාක්ෂරතාව පවතින අතර එය සියයට 63.5ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. Read More

දුම්රිය වර්ජනය අවසන්

ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් අද දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු නොවනු ඇති බවට වාර්තා වෙයි. හෙට(11) උදෑසන සිට දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇත.

මඩකලපුව මහජන පුස්තකාලය පිළිබඳ සාකච්ඡාවක්

දැනට ඉදිකිරීම් ආරම්භ කර ඇති මඩකලපුව මහජන පුස්තකාල ගොඩනැගිල්ලේ කටයුතුවල ප්‍රගති සමාලෝචනය සඳහා විශේෂ රැස්වීමක් අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය දා පැවැත්විය. ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, පළාත් සභා හා පළාත් පාලන, සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර යන Read More

පොසොන් සමයේ අතිරේක බස් රථ සේවාවක්

අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් පොසොන් සමයේ සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව අතිරේක බස් රථ සේවාවක් යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා සඳහන් කර සිටියේ අනුරාධපුර පූජා නගරයන් සඳහා පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා අදාළ බස්රථ සේවාව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි. එහිදී බස්රථ 400කට වැඩි ප්‍රමාණයක් යෙදවීමට Read More

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා නවතම කාලගුණ නිවේදනය නිකුත්කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකි බවයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙයි. උතුරු-මැද Read More

දුම්රිය මගීන්ට දැනුම්දීමක්

අද (10) දිනයේ ධාවනය කිරීමට සැලසුම් කර ඇති දුම්රිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට බලධාරීන් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් අඛණ්ඩව සිදු කිරීමට ඔවුන් තීරණය කර තිබේ. එවන් පසුබිමක් තුළයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ධාවනය වන දුම්රිය සම්බන්ධයෙන් නිවේදනයක් Read More

මෝදි අගමැති ධුරයේ දිවුරුම් දෙයි

සති හයක කාලයක් පුරා පැවති ඉන්දීය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ නරේන්ද්‍ර මෝදි තුන්වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනලදි. අප්‍රේල් 19 වන දින ආරම්භ වූ ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ ජුනි මස පළමුවන දින දක්වා පැවැත්විය. මැතිවරණයේ ප්‍රතිඵල ජුනි 4 වනදා නිකුත් කෙරුණු අතර නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 293ක් Read More

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කවුන්සිලය සඳහා ශ්‍රී ලංකාව තේරී පත්වෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කවුන්සිලය සඳහා ශ්‍රී ලංකාව තේරී පත් වී තිබේ. සාමාජික රටවල් 189 න් පක්ෂව ජන්ද 182 ක් ලබාගත් ශ්‍රී ලංකාව 2025 ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර තුනක ධුර කාලයක් සඳහා පත්වී සිටින බවයි වාර්තා වෙයි. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ ශ්‍රී ලංකාව ලබාගත් Read More

ජනපතිට ඉන්දියාවේදී උණුසුම් පිළිගැනීමක්

අඛණ්ඩව තුන්වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) ඉන්දියාව බලා පිටත් විය. ඉන්දීය විදේශ අමාත්‍යාංශය වෙනුවෙන් එහි අතිරේක ලේකම් පී.කුමරන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ෂෙනුකා සෙනෙවිරත්න Read More

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ජීව උණ්ඩ හා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්විය. කුඩු සලිදු නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ අපරාධ ජාලය ඩුබායි හි සිට මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලයින් වන නිලංග සම්පත් හා සංඛ සම්පත් යන දෙදෙනාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවු ප්‍රධාන සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදියි.

t

o

p