මඩකලපුව මහජන පුස්තකාලය පිළිබඳ සාකච්ඡාවක්

June 10, 2024

දැනට ඉදිකිරීම් ආරම්භ කර ඇති මඩකලපුව මහජන පුස්තකාල ගොඩනැගිල්ලේ කටයුතුවල ප්‍රගති සමාලෝචනය සඳහා විශේෂ රැස්වීමක් අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය දා පැවැත්විය.

ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, පළාත් සභා හා පළාත් පාලන, සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර යන මහත්වරු මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබෙන බව සඳහන්.

එමෙන්ම ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු, මඩකලපුව නගර සභාවේ කොමසාරිස්, ඉදිකිරීම් සමාගමේ හිමිකරු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ සහකාර ලේකම් ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් ඊට එක්වී තිබේ.

මඩකලපුව මහජන පුස්තකාලය සඳහා දැනට වෙන්කර ඇති, රුපියල් මිලියන 345ට අමතරව වැයවන මුදල් සොයාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහාද මෙහිදී සාකච්ඡා වී තිබේ.

t

o

p