Local News

නිමි ඇදුම් ගෙන්වන ව්‍යාපාරිකයා පැහැර ගෙන

ඉන්දුනීසියාවෙන් සහ චීනයෙන් මෙරටට නිමි ඇදුම් සහ රෙදි තොග ආනයනයකර බෙදාහරිනු ලබන කෝටිපති ව්‍යාපාරිකයෙකුව පැහැර ගැනීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කොළඹ අපරාධ කොට්ඨාය විසින් ආරම්භකර තිබේ. එම ව්‍යාපාරිකයාව 21 රාත‍්‍රි 11.30 ට පමණ ඔහු පදිංචිව සිටින බම්බලපිටියේ කොතලාවල පාරේ නිවස ඉදිරිපිටදී පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි. මොහොමඞ් සකීම් සුලෙයිම් නැමැති විසි නව හැවරදි මෙම ව්‍යාපාරිකයා Read More

පොලිස් පරීක්‍ෂක නිවස්නය පොලිස් අධීකාරීවරයෙකුගේ යටතට

පොලිස් පරීක්‍ෂකවරුන්ගේ නිවස්න (mess) පොලිස් අධීකාරීවරයෙකුගේ යටතට පත්කිරීමේ සැළසුමකට එරෙහිව පොලිස් පරීක්‍ෂකවරුන්ගේ සංගමය පොලිස් බළදාරීන්ට දැඩි විරෝධයක් දැක්වීමට සිය අවධානය යොමුකර තිබේ. ඉහළ පොලිස් නිලධාරියෙකුට ඉතා හිතවත් නිත්‍ය පොලිස් සේවයට අදාල නොමැති සහකාර පොලිස් අධීකාරීවරයෙකුට පොලිස් අධීකරීවරයෙක් ලෙස උසස්වීමක් ලබාදීමටත් පොලිස් පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ බලය හීන කිරීමත් මෙම ක‍්‍රියාවලිය පිටුපස  ඇති සැළසුම බව පෙනී යන්නේ යැයි Read More

ඒකාබද්ධ විපක්‍ෂය අද හදිසියේ රැස්වේ

ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ප‍්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ පැවැත්වෙනවා. ඊට සහභාගි වන ලෙස සියලුම ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

බන්දුල ගුණවර්ධන ඉල්ලා අස්වෙන බව පවසයි

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝමාගම, ආසන සංවිධායක ධූරයෙන්  ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඉල්ලා අස්වීම අද රාත්‍රී ජනපතිට බාර දෙන බවත්, අස්වීමට හේතුව හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලය ඉදි කිරීමට තැබූ මුල්ගල රජයට සම්බන්ධ පිරිසක් ඉවත් කිරීමට යෑම බවත් ඔහු පවසයි. 

අගමැති කතාව විනාඩි 4ක් වුනේ ඈයි ?

කුඩා දරුවන් පැය ගණනක් අව්වේ තබාගෙන සිටීම සුදුසු නැති බැවින් තම කතාව මිනිත්තු කිහිපයකට පමණක් සීමා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පැවැති උත්වසයකදී පැවසීය. කොළඹ දිස්ත්‍රික් 51වන බාලදක්ෂ කැම්පෝරියේ සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අගමැතිවරයා එසේ ප්‍රකාශ කරමින් පෝතක බාලදක්ෂයින් අමතා කළ කතාව විනාඩි 4කට සීමා කිරීමට කටයුතු කළේය. මීට වසර Read More

ගුවන් යානය පැය 15 ප්‍රමාදයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් Uළ්554 දරණ ගුවන් යානය, එහි කාර්යය මණ්ඩලයේ එක් සේවකයෙකු නොමැතිවීම හේතුවෙන් මෙරටට පැමිණීමේදී සිදුවන ප්‍රමාදයට සමාව අයදින බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. අසනීප වූ ගුවන් නියමුවා වෙනුවට වෙනත් නියමුවෙකු යොදා ශ්‍රී ලංකන් ඒ 330 ගුවන් බසයක් පැය 15 ක පමාවකින් පසු අද (20) රාත්‍රී 7.15 ට Read More

ජනපති නවීන්ව හදිසියේ කැඳවයි!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාට සාකච්ඡාවක් සඳහා කැඳවීමක් කර ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයා මෙම කැඳවීම කර ඇත්තේ ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය සතු අමෙරිකානු ඩොලර් මිලියන 60ක පමණ මුදලක් මහා භාණ්ඩාගාරයට පවරා ගැනීමට සූදානමක් ඇතැයි ද එසේ කළහොත් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවට ද නවීන් දිසානායක අමාත්‍යවරයා විසින් Read More

විදේශ රැකියා ඇමතිවරියගේ නමින් මුදල් වංචා කල පුද්ගලයෙකු අයෙක් අල්ලයි

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ මූලිකත්වයෙන් ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කල පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

t

o

p