පොලිස් පරීක්‍ෂක නිවස්නය පොලිස් අධීකාරීවරයෙකුගේ යටතට

August 22, 2016

පොලිස් පරීක්‍ෂකවරුන්ගේ නිවස්න (mess) පොලිස් අධීකාරීවරයෙකුගේ යටතට පත්කිරීමේ සැළසුමකට එරෙහිව පොලිස් පරීක්‍ෂකවරුන්ගේ සංගමය පොලිස් බළදාරීන්ට දැඩි විරෝධයක් දැක්වීමට සිය අවධානය යොමුකර තිබේ.
ඉහළ පොලිස් නිලධාරියෙකුට ඉතා හිතවත් නිත්‍ය පොලිස් සේවයට අදාල නොමැති සහකාර පොලිස් අධීකාරීවරයෙකුට පොලිස් අධීකරීවරයෙක් ලෙස උසස්වීමක් ලබාදීමටත් පොලිස් පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ බලය හීන කිරීමත් මෙම ක‍්‍රියාවලිය පිටුපස  ඇති සැළසුම බව පෙනී යන්නේ යැයි පොලිස් පරීඛ්ෂකවරුන්ගේ සංගමයේ නිළධාරියෙක් සදහන් කළේය.
තවමත් තමන්ට එ් සම්බන්ධයෙන් නිළ වශයෙන් දැනුම්දීමක් නැතත් එවන් සැළසුමක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු ඇතැයි ද එම නිලධාරියා කීය. වසර 85 ක කාලයක් පුරා පවතින පොලිස් පරීක්‍ෂකවරුන්ගේ සංගමයේත් පොලිස් පරීක්‍ෂකවරුන්ගේ නිවස්නයේත් බලය බිද හෙලීමට කිසිවෙකුටත් ඉඩ ලබානොදෙන බවත් පොලිස් පරීක්‍ෂකවරුන්ගේ අභිමානය වෙනුවෙන් නැගීසිටින බවත්  එම නිලදාරියා වැඩිදුරටත් සදහන් කළේය.

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p