අගමැති කතාව විනාඩි 4ක් වුනේ ඈයි ?

August 20, 2016

කුඩා දරුවන් පැය ගණනක් අව්වේ තබාගෙන සිටීම සුදුසු නැති බැවින් තම කතාව මිනිත්තු කිහිපයකට පමණක් සීමා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පැවැති උත්වසයකදී පැවසීය.

කොළඹ දිස්ත්‍රික් 51වන බාලදක්ෂ කැම්පෝරියේ සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අගමැතිවරයා එසේ ප්‍රකාශ කරමින් පෝතක බාලදක්ෂයින් අමතා කළ කතාව විනාඩි 4කට සීමා කිරීමට කටයුතු කළේය.

මීට වසර 52කට පෙර පෝතක බාලදක්ෂයෙකු ලෙස සිටි අවධිය සිහිපත් කළ අගමැතිවරයා අව්වේ සිටීමේ ආදීනව පිළිබඳව තමා හොඳින් දන්නා බවද පෝතක බාලදක්ෂයින්ගේ උණුසුම් ප්‍රතිචාර මැද ප්‍රකාශ කරමින් සිය කතාව අවසන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p