ගුවන් යානය පැය 15 ප්‍රමාදයි

August 20, 2016

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් Uළ්554 දරණ ගුවන් යානය, එහි කාර්යය මණ්ඩලයේ එක් සේවකයෙකු නොමැතිවීම හේතුවෙන් මෙරටට පැමිණීමේදී සිදුවන ප්‍රමාදයට සමාව අයදින බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

අසනීප වූ ගුවන් නියමුවා වෙනුවට වෙනත් නියමුවෙකු යොදා ශ්‍රී ලංකන් ඒ 330 ගුවන් බසයක් පැය 15 ක පමාවකින් පසු අද (20) රාත්‍රී 7.15 ට ජර්මනියේ ෆ්‍රෑන්ක් පර්ට් සිට කටුනායකට ලඟා වීමට නියමිතය.

ජර්මනියේ, ෆැන්ක්ෆට් ගුවන් තොටුපොළින් ඊයේ(19) සවස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා Uළ්554 දරණ ගුවන් යානය පිටත්වීමට නියමිතව තිබුණි.

නමුත් එහි කාර්යය මණ්ඩලයේ එක් සේවකයෙකු නොමැතිවීම හේතුවෙන් සිදු වූ ප්‍රමාද දෝශයක් නිසා අදාළ ගුවන් යානය පැය 15ක කාලයක් මෙරටට පැමිණීමට ප්‍රමාද වන බව වාර්තා වෙයි.

එමෙන්ම සිදු වූ ප්‍රමාදය හේතුවෙන් මගීන්ගෙන් සමාව අයදින බවත්, යුරෝපයේ පවතින ‍‍රෙගුලාසිවලට අනුව මගීන්ට වන්දියක්ද ලබා දීමට කටයුතු කරන බවත් වාර්තාවේ..

Sammy

Previous story Next story

Leave a comment

t

o

p