විදේශ රැකියා ඇමතිවරියගේ නමින් මුදල් වංචා කල පුද්ගලයෙකු අයෙක් අල්ලයි

August 19, 2016

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ මූලිකත්වයෙන් ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කල පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුවිට ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට දුරකථනයෙන් අමතා අදාල සැකකරු දන්වා ඇත්තේ තලතා අතුකෝරළ මහත්මියගේ මැදිහත්වීම මත ජපානයේ රැකියා ලබා දෙන බවත් සියළු කටයුතු සඳහා රුපියල් දොලොස් ලක්‍ෂයක් අවශ්‍ය වන බවත්ය. නීත්‍යානුකූලව සියළු කටයුතු කෙරෙන බවත් අත්තිකාරම් ලෙස රුපියල් පනස් දහසක් අවශ්‍ය බවත් මෙම වංචාකරු පවසා ඇත.
මේ පිළිබඳ අදාළ පුද්ගලයා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු ආර්. රාජදොරෙයි නම් (අවු.54) වරකාපොල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු ඊයේ දින (18) නුගේගොඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර, ඒ අවස්ථාවේදී ඔහු භාරයේ තිබී පැමිණිලිකරුගේ ගමන් බලපත‍්‍රයද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම සඳහා විමර්ශන ඒකකයේ කළමණාකරු චින්තක ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි, විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අර්ජුන මාහින්කන්ද මහතාගේ අධීක්‍ෂණය යටතේ පොලිස් පරීක්‍ෂක එන් යෝගේෂ්වරන්, පොලිස් විමර්ශන නිළධාරී එස්.ඩබ්. මුණසිංහ, කාර්යාංශ නිළධාරී කිත්සිරි අමරනාත් යන නිළධාරීන් සහභාගි වූහ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p