පසුගිය සතියේ වැඩි කතා බහට ලක් වූයේ වැට් බදු සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම හරහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණයයි. මේ නිසා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සම්මත කරන්නට තිබූ වැට් බදු සංශෝධන පනත හකුලා ගන්නට ආණ්ඩුවට සිදුවිය.
මෙම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ ආණ්ඩුවට ඒ තරම් ප්‍රසාදයක් නොවූ අතර පාර්ලිමේන්තුවේදී අගමැතිතුමා විසින් කරන ලද ප්‍රකාශයෙන් එය පැහැදිලි වේ. විශේෂයෙන්ම එම සංශෝධන පනත නැවත අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව ප්‍රකාශ කළ අගමැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණය සමඟ පටලැවිල්ලකට යන්නේ නැතැයි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනි.
වැට් බදු සංශෝධනය හරහා යෝජනා කෙරුනේ 11 % ට තිබුනු බදු ප්‍රතිශතය 15% දක්වා වැඩි කිරිමයි. රාජ්‍ය මුදල් හා ආදායම් වැඩි කර ගැනීම සඳහා මෙම වැට් බද්ද හරහා ආණ්ඩුව බලාපොරොත්තු වූ නමුත් ආණ්ඩුවේම කලබලය හා හදිස්සි නිසා මෙය අවුල්කර ගත් බව පෙනේ.
මෙම පනත නීත්‍යානුකූල ලෙස පාර්ලිමේන්තුව සම්මත කිරිමට ප්‍රථම මැයි 01 වන දා සිටම වැඩිවන බද්ද අය කර ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය විය. එම නිසා කඩිමුඩියේම මුදල් අමාත්‍යාංශය හරහා මෙම චක්‍රලේඛය නිකුත් කළද මෙහි ඇති නෛතිකභාවය එතරම් සැලකිල්ලට ලක් නොකළේය. එයට හේතුව වූයේ රජයේ මුදල් අඟහිගකම්ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා ණය හා ප්‍රදානයන් ලබා දීමේදී ආදායම් වැඩි කර ගැනීම ගැන ශ්‍රී ලංකා රජයට නිරන්තරයෙන්ම පෙන්වා දෙන බව අප දනිමු. ඒ අනුව මෙවර අවශ්‍ය ණය මුදල් සම්පාදනය කර ගැනීම සඳහා කොන්දේසි සපුරා දීමට වැට් බද්ද ඉහළ දැමීම ක්‍රියාත්මක කිරිම බව පැහැදිලිය.
මේ හරහා ආණ්ඩුව අපේක්ෂා කරන ලද අරමුණු ගණනාවක් තිබුණි. ප්‍රධානතම කරුන වන්නේ රාජ්‍ය ආදායම් 4% කින් වැඩි කර ගැනීමය. දෙවන අරමුණ වන්නේ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරිම හරහා රජයට අවශ්‍ය ණය මුදල් ලෝක බැංකුවෙන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කඩිනමින් ලබා ගැනීමය.
එයට හේතුව වන්නේ ආණ්ඩුව මේ වන විටත් විශාල මුල්‍ය අර්බුදයකින් පෙලෙන බැවිනි. තෙවනුව වැට් බද්ද වැඩි කිරිම හරහා රාජ්‍ය ආදායම් වැඩිකර ගෙන අතීත ණය හා වාරික ගෙවීමට පියවර ගැනීමය. කෙසේවුවද ආණ්ඩුව නෛතික පදනම පැත්තකින් දමා මැයි 1 වන දින සිට මෙම වැට් වැඩි කිරිම් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරිම හරහා දැඩි විරෝධයක් මහජනතාවගෙන් පැන නැගුණි.
ඒ කෙසේ වෙතත් මැයි 01 වන දින සිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් ජුලි මාසයේදී මෙය නවත්වන තුරු කාල සීමාවේ මහජනතාවගෙන් අයකළ අමතර 4% ක වැට් බද්ද රජයට නොලැබී ගියද ව්‍යාපාරිකයන් හා අතරමැදියන්ට නම් මහතා වාසියක් සිදුවිය.
එනම් මෙම කාලසීමාවේ අය කළ වැට් බදු මුදල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීමේ අවශ්‍යතාවයක් නෙවිමයි. මේ නිසා පාරිභෝගිකයා හා රජය අතර ඇති අතරමැදි ව්‍යාපාරිකයන්ට නම් මෙය වාසි මල්ලක් විය. එම කාලය තුළ අය කරන ලද මුදල් රජයට නොලැබෙන බැවින් ඒවා අය කර ගැනීමට පියවර ගැනීම රජයක යුතුකමකි.
වැට් බද්ද සම්බන්ධයෙන් අධිකරණය සහ පාර්ලිමේන්තුව අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය වූවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තියයේ විධිවිධානවලට අනුව හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව එය කර නොමැති නිසා යෝජනාව අවලංගු වන බවත් 78 (2) හා 152 ව්‍යවස්ථාව යටතේ එය නිසි ලෙස සිදු කොට නැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබේ.
මේ නිසා මෙම වැට් සංශෝධන පනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන අතර එය සම්මත විය යුත්තේ පාර්ලිමේන්තුවේ 3/2 ක ඡන්දයෙන් හා ජනමත විචාරණයකින් බව වැඩි දුරටත් පෙන්වා දී තිබේ. මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනයෙන් පැහැදිලි වන්නේ ව්‍යවස්ථාවට හා ස්ථාවර නියෝගවලට අනුකූලව මෙම සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කර නොමැති බවයි.
එසේනම් ආණ්ඩුව මෙහිදි අත්තනෝමතිකව ක්‍රියාකර ඇති බව පෙනේ. ඒ සඳහා පිළිතුර වන්නේ නියමානුකූලව ඉදිරිපත් කිරිම විනා තර්ජනය කිරිම හෝ බිය ගැන්වීම නොවේ. පසුගිය ආණ්ඩුවලින් එවැනි දෑ සිදුවූයේ නම් එය පාඩමට ගෙන එසේ සිදු නොකර යුක්ති සහගත සහ සාධාරණ ලෙස ඉදිරියට යාම ජනතා අවශ්‍යතාවයයි.
Leave a comment