මාතර නායකත්වයෙන් ඩලස් ඉවත් වේ.

August 19, 2016

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ  මාතර දිස්තී‍්‍රක් නායකත්වයෙන් තමන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේය.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින්. තමා මාතර දිස්ති‍්‍රක් නායකත්වයෙන් ඉවත් වන බවට වූ ලිපිය ලබන සඳුදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අදාළ පාර්ශ්ව වෙත ලබාදෙන බවද ඩලස් අලහප්පෙරුම මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂය කොළඹදී අද (19) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

පක්ෂය ජයග්‍රහණයේ මාවතට ගෙන යන නායකයන් ඉවත් කර පරාජයේ මාවත තෝරාගෙන ඇත්තේ මන්දැයි ගැටලු සහගත බවද ඔහු කීවේය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p