නාසය පිහිටා ඇති ආකාරයෙන්ද පුද්ගලයාගේ වාසනාව කිව හැක

August 19, 2016

ඇස කන නාසය දිව ශරිරය යන සියල්ල දේහ ලක්ෂණ විද්‍යාවේදී පරික්ෂාවට බදුන් කරෙයි. දේහ ලක්ෂණ විද්‍යාවේදි පුද්ගලයාගේ චරිත ලක්ෂණ හා වාසනාව අවාසනාව ගැන නාසය පිහිටා ඇති ආකාරයෙන්ද ප්‍රකාශ කළ හැකිය.
ගිරා හොටක් සේ නැවුණු විශාල නාස් සිදුරු දෙකක් සහිතව නාසයක් පිහිටා ඇති නම් එවන් චරිත කෙක්කෙන් නැතිනම් කොක්කෙන් නැගිටින චරිතයකි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට පිහිටා ඇත්තේද එවැනි නාසයකි. එතුමා අවුරුදු 71 වෙනකම් දැගලූවේ විපක්ෂ නායක වන්නටය. විපක්ෂ නායක වූ ඔහු පසුව මුළු ලංකාවම හොල්ලන චරිතයක් බවට පත් වූ බව කව්රුත් දන්නා කරුණකි.
ඔහු හැදු ව්‍යවස්ථාව ගැන අදටත් සමාජයේ කතා බහට ලක්වේ. උත්තරීතර චරිත බවට මෙවන් නාසයක් පිහිටි චරිත නිතැතින් පත් වේ. දේහ ලක්ෂණයෙන් කියන කරුණු කේන්දර පරික්ෂා කිරිමෙන් හෝ ග්‍රහයන් මාරුවෙන ආකාරය බලා කිව හැකි දේවල් නොවේ.
ගිරා නාසයට අමතරව ඇති තවත් නාසා වර්ගයක් වන්නේ මුක්කන් නාසයන්ය. එය නාසය තැලි සිදුරු දෙක එළියට පෙනෙනාකාරයට පිහිටා ඇත. මෙවැනි නාසයක් යමෙකුට පහිටා ඇත්නම් ඔහු දුක් විදින චරිතයකි. එනම් කට්ට කා ගෙන ජිවිතය ගොඩනගා ගන්නට උත්සාහ දරයි. රාජ පරම්පරාවක ඉපදුනද ඔහු බොරු බේගල් ඇද බාමින් විහිළු තහලූ කරමින් සමාජය නොමඟ යැවීමට කටයුතු කරයි.
කොපමණ මිල මුදල් තිබුණත්, කොපමණ උසස් රැකියා නිලතල දැරුවත් මුක්කන් නාසයක් හිමි චරිතයට අවශ්‍ය වන්නේ කයිවාරු ගසමින් රටටත් සමාජයටත් ප්‍රයෝජනයක් නොමැති ආකාරයට ජිවත්විමටය. එසේම මේ අය කුහකකමින් ජිවත් වන්නෝය.
තමන්ට නැති අනිත් අයට ඇති දියුණුව ගැන හැම දෙනා සමඟම කියවමින් හූල්ලමින් සිටිම මේ අයගේ චරිත ලක්ෂණයය. ඊෂ්‍යාවෙන් පෙළෙමින් අන් අයට වළවල් කපමින් ඒ අයගේ දියුණවේ මාර්ගය අවහිර කිරිමටද මෙවැනි අය සමතෝය.
දිගැටි සෘජු නාසයක් සහිතව උපදින්නෝද සිටින බව දේහලක්ෂණ පරික්ෂාවේදි සොයා ගෙන තිබේ. එවැනි නාසයක් යමෙකුට පිහිටා ඇත්නම් ඔහු හෝ ඇය ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩකරන්නා් වෙති. ඡයාරූපයකින් හෝ හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ නාසය කව්රුන් හෝ හොදින් බැලූවොත් මෙම දිගැටි නාසයට උදාහරණයක් ලෙස බලාගත හැක.
තමන්ට යා යුතු ස්ථානයට යාම සඳහා මොන බාධක තිබුණත් තැනට සුදුසු නුවන යොදා ඔහු එම ස්ථානයට ගමන් කිරිමට හපනෝය. දිගැටි නහයෙන් කියවෙන්නේ එයයි. තමන්ට යා යුතු ගමන ගියත් කාටවත් වළ කපන්නට හෝ අංචි අදින්නට උත්සාහ නොකරයි. සැම විටම උත්සාහ කරන්නේ දැහැමින් කාලය ගත කිරිමටය. තමන්ගේ ධනය වැය කර හෝ සාමජයට සේවය කිරිමට මොවුන් පසුබට නොවෙයි.

දේහලක්ෂණ විද්‍යා ආචාර්ය සමන් ජයතිලක

තවත් කොටසක් ලබන සතියට……..

Sammy

Previous story Next story

Leave a comment

t

o

p