Local News

පළාත් රැසකට අද දිනයේත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය Read More

පාර්ලිමේන්තුව ලබන 18 සිට 20වැනිදා දක්වා යළි රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 18 වැනිදා සිට 20 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. මේ අනුව පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති බව සඳහන්වෙයි. අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සංචාරක කටයුතු පනත යටතේ අංක 2348/38, 2352/47, 2352/48, Read More

ලංකා සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල අඩු කරයි

ලංකා සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල අඩු කර තිබේ. ඒ අනුව මුංඇට කිලෝ ග්‍රෑම් 01 ක් 1,160ක මිලකට පැවති අතර එහි නව මිල රුපියල් 1,100ක් වෙයි. එමෙන්ම, කඩල කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 12කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 448ක්. මීට අමතරව, දුඹුරු සීනි කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 05කින් සහ වියලි මිරිස් Read More

SID වාර්ෂික සම්මන්ත්‍රණයේ දී ඉහළතම ගරු සම්මානය ශ්‍රී ලංකා බලශක්ති ව්‍යාපෘතියකට

USAID අරමුදල් යොදා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා බලශක්ති ව්‍යාපෘතිය (SLEP), ජාත්‍යන්තර සංවර්ධන වෘත්තිකයින් සඳහා වන ප්‍රමුඛතම එක්සත් ජනපද උත්සවය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන සංගමයේ (SID) වාර්ෂික සම්මන්ත්‍රණයේ දී ඉහළතම ගරු සම්මාන ලද බව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ සතුටිනි. මෙම සම්මානය පිරිනමන ලද්දේ ශ්‍රී ලංකාවේ ස්ලිං මොබිලිටි පෞද්. සමාගමේ හිමිකාරත්වය සහ Read More

සියලු මුදල් හුවමාරු මධ්‍යස්ථාන ශ්‍රී ලංකා මහ බැකුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කෙරේ

මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන සියලුම ආයතන ජුනි 3 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ. ඒ අනුව ලියාපදිංචි නොකළ හෝ බලපත්‍ර රහිත මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන්ට ඔවුන්ගේ මෙහෙයුම් විධිමත් කිරීමට සහ විධිමත් මාර්ග හරහා මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයේ නිරත වීමට මහ බැංකුව විසින් අවස්ථාව Read More

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම අද(14) සිට ඇරඹේ

2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම අද(14) ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. ඒ අනුව අද පෙරවරු 6.00 සිට www.ugc.ac.lk වෙත පිවිස අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය Read More

සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වීමට රජය තීරණය කරයි

දේශපාලන අත පෙවීම් හා විවිධ ඕනෑ එපා කම් හේතුවෙන් පසුබෑමකට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වීමට රජය තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සමෘද්ධි ව්‍යාපාරය යළි පණගැන්වීම සඳහා ජාතික වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇති බවයි ඔහු සඳහන් කරයි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෘද්ධි බැංකු මූලස්ථාන හා ප්‍රජා මූල බැංකු Read More

දකුණු ආසියාවේ අවම ස්ත්‍රී පුරුෂ පරතරයෙන් ශ්‍රී ලංකාවට තෙවන තැන

ගෝලිය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට පත්ව තිබේ. වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ බංග්ලාදේශයට වන අතර නේපාලය දෙවන ස්ථානයේ පසුවෙයි. එමෙන්ම ඉන්දියාව පස්වැනි ස්ථානයේත් පාකිස්ථානය හත්වැනි ස්ථානයේත් පසුවන බව සඳහන්. ලෝකයේ ස්ත්‍රී පුරුෂ පරතරය අවම රට ලෙස පළමු Read More

G 7 රාජ්‍ය නායකයින්ගේ සමුළුව අද සිට ඇරඹෙයි

G 7 රාජ්‍ය නායකයින්ගේ සමුළුව අද (13) සිට ආරම්භ වීමට නියමිතව තිබේ. විදෙස් මාධ්‍ය වර්තා කළේ, මේ මස 15 දින දක්වා ඉතාලියේ සභාපතීත්වයේන් ඉතාලියේ පූලියා හි සමුළුව පැවැත්වීමට නියමිත බවයි. මෙවර G 7 නායකයින් යුක්‍රේන, මැදපෙරදිග සහ ඉන්දු පැසිෆික් කලාපය ඇතුළු කලාපීය ගැටලු සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කරන අතර ආර්ථික ආරක්ෂාව, කෘත්‍රිම බුද්ධිය, දේශගුණික විපර්යාස Read More

සියවසකට වඩා පැරණි කම්කරු නීතිය ප්‍රතිසංස්කරණයට

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක සියවසකට වඩා පැරණි කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමට, නීතිමය රාමුව විධිමත් කිරීමට සහ රැකියා ලෝකයේ සමකාලීන අභියෝගවලට විසඳුම් සෙවීමට කටයුතු කරමින් සිටිනා බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ජිනීවාහි පැවැත්වෙන ලෝක කම්කරු සම්මේලනයේ වාර්ෂික සමුළුව අමතමින් පැවසීය. මේ අරමුණ සාර්ථක කරගනු වස් ‘රැකියා පනත’ නම් නව කම්කරු නීතියක් ක්‍රියාත්මක Read More

t

o

p