සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වීමට රජය තීරණය කරයි

June 13, 2024

දේශපාලන අත පෙවීම් හා විවිධ ඕනෑ එපා කම් හේතුවෙන් පසුබෑමකට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වීමට රජය තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සමෘද්ධි ව්‍යාපාරය යළි පණගැන්වීම සඳහා ජාතික වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇති බවයි ඔහු සඳහන් කරයි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෘද්ධි බැංකු මූලස්ථාන හා ප්‍රජා මූල බැංකු කළමනාකරුවන්, සමෘද්ධි වෘත්තිය සමිති නියෝජිතයන් සහ සමෘද්ධි නිලධාරීන් සමඟ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ කියා සිටියි.

ඒ අනුව “අලුත් ගමක් – අලුත් රටක්” සුභ සාධක රාජ්‍යයෙන් නිෂ්පාදන රාජ්‍යයක් වෙත යනුවෙන් නව වැඩසටහන නම් කර ඇති බව සඳහන්.

t

o

p