ලංකා සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල අඩු කරයි

June 14, 2024

ලංකා සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල අඩු කර තිබේ.

ඒ අනුව මුංඇට කිලෝ ග්‍රෑම් 01 ක් 1,160ක මිලකට පැවති අතර එහි නව මිල රුපියල් 1,100ක් වෙයි. එමෙන්ම, කඩල කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 12කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 448ක්.

මීට අමතරව, දුඹුරු සීනි කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 05කින් සහ වියලි මිරිස් කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 05කින් මිල අඩු කර තිබේ.

t

o

p