පාර්ලිමේන්තුව ලබන 18 සිට 20වැනිදා දක්වා යළි රැස්වෙයි

June 14, 2024

පාර්ලිමේන්තුව ලබන 18 වැනිදා සිට 20 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

මේ අනුව පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති බව සඳහන්වෙයි.

අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සංචාරක කටයුතු පනත යටතේ අංක 2348/38, 2352/47, 2352/48, 2360/62 සහ 2360/63 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියමයන් පහක්, හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ අංක 2308/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග, රජයේ ඉඩම් ආඥාපනත යටතේ නියෝග සහ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ අංක 2373/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නි‍යෝග විවාදයට ගැනීමට නියමිතව තිබේ.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතව තිබේ.

මේ අතර ලබන 19 වැනි දා පෙ.ව 9.30 සිට පෙ.ව. 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති අතර පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත යටතේ අංක 2366/33 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති රෙගුලාසි සහ 2369/42 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නියමය, පොල් සංවර්ධන පනත යටතේ යෝජනා සම්මතය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2381/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නියෝග විවාදයට ගැනීමට නියමිතයි.

මීට අමතරව ලබන 20 වැනිදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇති අතර පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා පසුගිය ජූනි 4 වැනිදා විවාදයට ගෙන කල් තබන ලද, කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) සහ යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදයට ගැනීමට නියමිතව තිබේ.

t

o

p