සියලු මුදල් හුවමාරු මධ්‍යස්ථාන ශ්‍රී ලංකා මහ බැකුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කෙරේ

June 14, 2024

මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන සියලුම ආයතන ජුනි 3 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ.

ඒ අනුව ලියාපදිංචි නොකළ හෝ බලපත්‍ර රහිත මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන්ට ඔවුන්ගේ මෙහෙයුම් විධිමත් කිරීමට සහ විධිමත් මාර්ග හරහා මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයේ නිරත වීමට මහ බැංකුව විසින් අවස්ථාව සලසාදෙනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කරයි.

මෙරට තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවා සපයන බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වැනි ආයතන, මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහතික කිරීම සඳහා මහ බැංකුව හෝ වෙනත් අදාළ බලධාරීන් විසින් දැනට නියාමනය කරනු ලබයි.

t

o

p