Local News

ඊශ්‍රායලයේ සිටින සියළුම ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

ඊශ්‍රායලයේ සිටින සියළුම ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබෙයි. එමෙන්ම ආරක්‍ෂිත ස්ථාන වලට යොමු වීමේදී ආහාර ඖෂධ වැනි දේවල් ළඟ තබා ගන්නා ලෙස ද තානාපති කාර්යාලය දැනුවත් කර ඇත. කෙසේ නමුත් ඉරාන ප්‍රහාර වලින් ශ්‍රී ලාංකිකයන්ට කිසිදු හානියක් සිදු වී නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් Read More

බීඩි කොළ තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට නීතිවිරෝධිව ගෙන්වූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 412ක් සහ බීඩි පැකට් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ ගෙන්වූ මෙම බීඩි කොළ සහ බීඩි තොගය මෝටර් රථයකින් රැගෙන යමින් සිටියදීයි පොලිස් භාරයට ගෙන ඇත. ඒ පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව ආරච්චිකට්ටු පොලිසිය කළ වැටලීමකදීයී. Read More

රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය විවෘත කෙරේ

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ Takafumi Kadono යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සිදු කෙරුණි. නව පීඨය ඉදිකිරීම, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අරමුදල් මත ක්‍රියාත්මක වන, රජයේ විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය Read More

හෙට දිනයේ සියලු සුරාසැල් වැසේ

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති සියලු ස්ථාන හෙට(03) දිනයේ වසා දැමිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර තිබේ.

මාලදිවයිනේ සුපිරි පැසිපන්දු තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

මාලදිවයින පැසිපන්දු ( Basketball) සංගමය විසින් සංවිධානය කළ “සුපිරි ” කුසලාන පැසිපන්දු තරගාවලියේ දී කාන්තා සහ පිරිමි ශූරතා දෙකම දිනා ගනිමින් රන් පදක්කම් හිමි කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් දෙක ඊයේ 10/01 දින දිවයිනට පැමිණෙනලදි. මෙම තරගාවලිය මාලේ නගරයේ දී ඉකුත් 09/26 දින සිට 09/30 දින දක්වා කළාපයේ රටවල් හතරක කණ්ඩායම් සමග පවත්වා Read More

ඊශ්‍රායලය දකුණු ලෙබනනයට ගොඩබිම් ආක්‍රමණයක් දියත් කරයි

ඊශ්‍රායල හමුදා ගොඩබිමින් ලෙබනනය ආක්‍රමණය කර ඇති බව වාර්තා වෙයි. ඒ හිස්බුල්ලා සංවිධානයට එරෙහිව සීමිත, ප්‍රාදේශීයකරණයවූ සහ ඉලක්කගත ගොඩබිම් මෙහෙයුමක් ලෙස බවයි ඊශ්‍රායල හමුදාව පවසයි. මේ නිසා ලෙබනන් ගම්මාන 25 ක පමණ ජනතාවට ඉවත් වන ලෙස උපදෙස් දී ඇති බව සඳහන්. තම රට “එහි භයානකම අවධියකට” මුහුණ දෙමින් සිටින අතර මිලියනයක ජනතාවක් අවතැන් වී ඇති Read More

ගොවි ජනතාවගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

පොහොර සහනාධාරය අත්හිටුවීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට එරෙහිව ගොවි සංවිධාන අද (01) මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනලදි. ගොවි ජනතාව මෙන්ම ගොවි සංවිධාන රැසක් අවධාරණය කර සිටියේ මහා කන්නයට ලැබිය යුතු සහනාධාරය නොලැබුණ හොත් එය අස්වනුවලට දැඩිලෙස බලපානු ඇති බවයි. මහා කන්නයේ වී ගොවීන් සදහා රුපියල් 25000ක දීමනාවක් ලබාදීමට පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය Read More

ළමා දිනය වෙනුවෙන් ළමයින්ට ලැබෙන අලුත් දේ

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ළමා පොත්වලට අද දිනයේ විශේෂ වට්ටම් පිරිනැමෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයිනගේ සංගමය පවසයි. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද පැවැත්වෙන්නේ 5වන දිනටයි. අද පෙරවරුවේ සිටම විශාල පිරිසක් ප්‍රදර්ශනයට පැමිණෙමින් සිටින ආකාරය දැකගත හැකිවිය. ලෝක ළමා දිනය වෙනුවෙන් ළමයින් සඳහා විශේෂ වැඩසටහන් පැවැත්වෙන අතර පොත් සඳහාද විශේෂ වට්ටම් ක්‍රියාත්මක වෙයි.

තැපැල් ඡන්ද අයදුම්පත් අද සිට බාර ගනී

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වෙයි. අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් 8 වැනිදා දක්වා සිදුකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණය සඳහා භාවිත කරනු ලබන්නේ 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛනයයි. ඒ අනුව තැපැල් ඡන්ද හිමියන්ගේ පහසුව සඳහා දිවයිනේ සියලුම Read More

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අදට (01) දිනට යෙදී තිබේ. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්නයි. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සංවිධානය කර ඇති අතර වැඩිහිටියන් සඳහා ද උත්සව කීපයක් පැවැත්වෙයි. ලෝක ළමා දින සැමරුමට සමගාමීව අවුරුදු 12න්පහළ සියලු ළමයන්ට නොමිලේ සත්වෝද්‍යාන Read More

t

o

p