තැපැල් ඡන්ද අයදුම්පත් අද සිට බාර ගනී

October 1, 2024

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වෙයි. අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් 8 වැනිදා දක්වා සිදුකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණය සඳහා භාවිත කරනු ලබන්නේ 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛනයයි.

ඒ අනුව තැපැල් ඡන්ද හිමියන්ගේ පහසුව සඳහා දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාසවලට අදාළ 2024 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛන අද සිට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

t

o

p