ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

October 1, 2024

ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අදට (01) දිනට යෙදී තිබේ.

මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්නයි.

මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සංවිධානය කර ඇති අතර වැඩිහිටියන් සඳහා ද උත්සව කීපයක් පැවැත්වෙයි.

ලෝක ළමා දින සැමරුමට සමගාමීව අවුරුදු 12න්පහළ සියලු ළමයන්ට නොමිලේ සත්වෝද්‍යාන නැරඹීම සඳහා පහසුකම් සලසා තිබේ.

ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය,පින්නවල සත්වොද්‍යානය, සහ හම්බන්තොට සෆාරි යන උද්‍යාන නැරඹීය හැකියි.

t

o

p