මාලදිවයිනේ සුපිරි පැසිපන්දු තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

October 2, 2024

මාලදිවයින පැසිපන්දු ( Basketball) සංගමය විසින් සංවිධානය කළ “සුපිරි ” කුසලාන පැසිපන්දු තරගාවලියේ දී කාන්තා සහ පිරිමි ශූරතා දෙකම දිනා ගනිමින් රන් පදක්කම් හිමි කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් දෙක ඊයේ 10/01 දින දිවයිනට පැමිණෙනලදි.

මෙම තරගාවලිය මාලේ නගරයේ දී ඉකුත් 09/26 දින සිට 09/30 දින දක්වා කළාපයේ රටවල් හතරක කණ්ඩායම් සමග පවත්වා තිබුණි.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා පැසිපන්දු සංචිතයේ සභාපති ගුවන් හමුදා කොමදෝරු අමල් පෙරේරා මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිනියේය.

t

o

p